රජයේ පශු වෛද්‍යවරු වැඩ වරති…

VET1රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමය මීට ස්වල්ප  මොහොතකට පෙර දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් ප්‍රකාශයට පත් කළේය.  මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය ලබන 9 සහ 10 දෙදින තුළ ක්‍රියාත්මක කිරීමට රජයේ පශු වෛද්‍ය සංගමය තීරණය කර තිබේ.

දැනට රජයේ ගොවිපලවල, සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ, වනජීවී දෙපාර්තමේන්තුවේ සහ කටුනායක පැලෑටි හා ජෛව නිරෝධානය ආයතනයේ සේවය කරන රජයේ පශු වෛද්‍යවරු 700 ක් පමණ මේ වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වනු ඇති බව එම සංගමය කීවේය.

මේ වෘත්තීය ක්‍රියාමාර්ගය ගනු ලැබුවේ වසර ගණනක් තිස්සේ පැවති සෑම  රජයකටම කරන ලද ඉල්ලීම් නොසලකා හැරීම නිසා බව ඔවුන් සදහන් කළේය. මේ වර්ජනයත් සමගම ගොවිපලවල සිටින ගැබිණි සතුන්, සත්ත්ව උද්‍යානවල සිටින සතුන්  බරපතල ජීවිත අවදානමකට මුහුණ දීමට නියමිතය. එමෙන් කටුනාකය ජාතික ශාක නිරෝධායන සේවය හා ඊට අනුබද්ධව කොළඹ වරයා, හම්බන්තොට වරාය,  කටුනායක ගුවන්තොටුපල හා මත්තල ගුවන්තොටුපල පරිශ්‍රයන්හි ශාඛ නිරෝධායන මධ්‍යස්ථාන  අක්‍රීය වීම නිසා රට අවදානමකට ද මුහුණ දීමට ඉඩ ඇතැයි පැවසේ.

වර්ජනයට යෑමට පෙර වෘත්තීය සමිති තමන්ගේ ගැටලු සාකච්ඡා කිරීම සදහා ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබද අමාත්‍ය පී හැරිසන් හමුවුණු අවස්ථාවේ  සංගමයට  කියා ඇත්තේ සතුන් දවසක් දෙකක් කෑ ගැසුවාට කමක් නැති බවත් කැමතිනම් වැඩ වර්ජනයකට යන ලෙසත්ය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.