රට ගිනි තියන ප්‍රභාකරන් පෝස්ටරය

 ශ්‍රී ලංකාවේ මේ තාක් බිහිවූ ඉහලම පෙළේ දාර්ශානිකයා අප පාසැල් යන සමයේ කුඩා කඳු ගැටයක් මත නුවර කොළඹ මහ මර්ගයට යාබද තෝලන්ගමුවේ අප පාසල වෙත  පැමිණ කියා සිටියේ ජාතිවාදය යනු කිසි දවසක පරජය නොකළ හැකි දෙයක් බවයි.එතුමන් කියා සිටියේ ජාති වාදය යනු ඇත්තටම නැති දෙයක් වන බවත් නැති යමක් නැති නොකළ හැකි බවයි.  දැන් මේ ව විට අපට ත්රුම් ගත හැක්ක්කේ  එය අතටම් නැති නමුත් නැති දේ මැවිය  හැකීය.ඒ නිසා  ජාතිවාවාදියාට  ඕනෑම දුරක් යා  හැකිය. මේ පුවත සනාථ කරන්නේ ඒ සත්‍යයයි.

මේ උපුටා  ගත්තේ ෆේස් බුක් එකෙනි

ඊයේ දිනයේ සිට facebook එක පුරා share වන post එකෙන් දැක්වෙන්නේ  ප්‍රභාකරන්ගේ පෝස්ටරයක් අලවන තරුණයින් පිරිසකි. මහින්දවාදීන් විසින් තලු මර එම post එක share කල අතර ඔවුන් එයින් ප්‍රකාශ කලේ ජනවාරි 8 ඔවුන් කියු පරිදි මෛත්‍රීට ඡන්දය ලබා දී රට කොටියාට ලියා දුන් බවයි. යහපාලනයක් වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයන්ට හා අගමැති රනිල් වික්‍රමසිංහයන්ට ඡන්දය ලබාදුන් පිරිස් මෙම පින්තුර දැක මවිතයට පත් වුහ.

පත්විය. ඔවුන්ට මහින්දවදීන්ට ලබා දෙන්නට පිලිතුරක් නොවීය. මහින්දවාදීන් ප්‍රීති ඝෝෂා නගමින් බුකිය පූරා ප්‍රභාකරන්ගේ පින්තූරය share කරමින් සිටි. නමුත් ඔවුන් share කරන පින්තූරය ද්‍රවිඩ භාෂාව දන්නා මිතුරෙකු විසින් පරිවර්තනය කලේය.

 

prabhapost

එහි සිංහල පරිවර්තනය දුටු මට මහින්දවාදීන් කෙරෙහි ඇතිවුයේ පිලිකුලකි. ඔවුන් කොතරම් මෝඩ ජාතිවාදී අන්ධ මිනිසුන්ද යන්න මට පැහැදිලිවිය. ඔවුන් රට ගැන සිතන පිරිසක් නොව දූෂිත අදහස් ඇති පිරිසක් බවට මෙම හෙදරව්වෙන් පසුව පත්වනු ඇත.

 

prabha1

 

එහි මෙම පින්තූරයෙන් පෙනෙන වාක්‍යයන් සිංහලයට පරිවර්තනය කල විට එයින් කියවෙන්නේ “අලියාට ද වාරයක් තිබේ නම් පූසාටද වාරයක් ඇත. පූසාටද වාරයක් ඇත්නම් කොටියාටද වාරයක් ඇත” යන්නය. එය තමිල්නාඩු ආත්මෝපදේශයකි. මෙම පින්තුරයේ යටින් “තන්තෙයි පෙරියර් ද්‍රවිඩ කසාගම්” යනුවෙන් මුද්‍රණය කර ඇත. පෙරියර් ද්‍රවිඩ කසාගම් (PDK) යනු තමින්නාඩුවේ ද්‍රවිඩ පක්ෂයකි. එය පසුගිය දා ප්‍රභාකරන්ගේ උපන්දිනය සැමරීම සදහා තමිල්නාඩු අධිකරණයෙන් උසාවි නියෝගයක් ලබාගත් පක්ෂයයි. එසේ නම් කාරණය පැහැදිලියි. තමිල්නාඩුවේ දෙමල කුඩා පක්ෂයක් ප්‍රභාකරන්ගේ පෝස්ටර් අලවා ඇත. එවා යාපනය තුල ඇලෙව්වා යැයි මහින්දවාදීන් ගෙනයන බොරු කේලම සම්පුර්ණයෙන්ම වැරදිය. නොමග යවන සුළුය.

එහි යටින් දුරකතන අංකයක් ඇත. එය නම් 9841709129. එයද තමිල් නාඩු දුරකතන අංකයකි.

එම කරුණ තවත් පැහැදිලි වන තවත් සාධකයක් මාගේ ද්‍රවිඩ මිතුරා මට පෙන්වා දුන්නේය. පහල පින්තුරයේ රතු පාටින් රවුම් කර ඇති පෝස්ටරය තමිල් නාඩුවේ ප්‍රසිද්ධ පෝස්ටරයක් බවයි. එහි සදහන්ව ඇත්තේ දරුවන් සැදීමට නොහැකි පිරිමින් වෙනුවෙන් පුරුෂ ශක්තිය වර්ධනය කරනා ප්‍රතිකාර කරන බෙහෙත් ශාලාවක් ගැනය.

 

 

 

මෙම පින්තූරය මුලින්ම share කලේ A Brighter Future for Sri Lanka නම් පහුගිය මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වු facebook fan page එකෙනි. මෙවැනි බොරු කේලම් ප්‍රචාරය කරනා මිනිසුන් දැනගත යුතු කරුණක් ඇත. එය නම් තමිල්නාඩුවේ සිට ක්‍රියාත්මක වන කුඩා අන්තවදී දෙමල සංවිධානවලට අවශ්‍ය ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීමයි. මහින්ද මහතාද පන්සල් වල රැස්වීම් පවත්වමින් රට බෙදෙන ප්‍රකාශ සිදුකරයි. ඔබද මෙවැනි බොරු බේගල් ප්‍රචාරය කරමින් උත්සහා කරන්නේද ලංකාව බෙදීමටද?

නොබෙදුණු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් මේ බොරු බේගල් පරදවමු. හැකි තරම් මෙය share කරමු.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.