රට සුද්දට දී වසර 201 යි

kandy3උඩරට ගිවිසුමෙන් ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යට යටත් වී ඊයේ (මාර්තු 02) දිනට වසර 201 සපිරුණි.

1505 සිට යුරෝපීය ජාතීන් සමග ගැටුම් ඇති කරගනිමින් ආරක්ෂා කරගත් හෙළබිම බලයට හා ලාබ ප්‍රයෝජන අපේක්ෂාවෙන් එවකට සිටි මැති ඇමතිවරුන් රට පාලනය කල රජු පාවා දී ගිවිසුමකින් රටේ බලය බ්‍රිතාන්යන්ට පවරනු ලැබුවේ 1815 මාර්තු 02 වන දිනයි.

udarata-givisuma_3udarata-givisuma

මහ නුවර මගුල් මඩුවේදී අත්සන් කල මෙම ගිවිසුමින් ඉංග්‍රීසි ජාතිකයන් රටේ බෞද්ධ ආගම හා සංස්කෘතිය ආරක්ෂා කරන බවට පොරොන්දු වුවත් ගිවිසුම අත්සන් කල දා පටන්ම ගිවිසුමේ කොන්දේසි කඩමින් හෙළ වැසියාට තාඩන පීඩන එල්ල කරනු ලැබූ අතර ඊට එරෙහිව ස්වෙදෙෂීය වැසියා 1818, 1848 වර්ෂ වල දැවැන්ත අරගල දියත් කරත් ස්වෙදේශික පාවදෙන්නම්ම කරණකොටගෙන එම අරගල පරාජයට පත්වුවා.

1948 පෙබරවාරි 04 දින ලංකාවට නිදහස ලැබුවත් එදා ගිවිසුමෙන් යටත් වූ බටහිර ගැති සමාජ ආර්ථික හා සංස්කෘතික රටාවෙන් නිදහස් වන්නට අදටත් ශ්‍රී ලාංකික ජාතියට නොහැකි වී තිබෙනවා. එනිසාවෙන් මින් ඉදිරියට රටේ නායකයින් විදේශයන් සමග ගිවිසුම් ගත වීමේදී රටේ අනාගතයට අසුභවාදී ගිවිසුම් වලට අත්සන් කිරීමෙන් වැළකී සිටිය යුතු බව අපගේ හැගීමයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.