රට හමුවේ බලය පෙන්වන්න මෛත්‍රී – රනිල් තරගයක…

ranil m2රනිල් හා මෛත්‍රී අතර පැවති සීතල යුද්ධය කරලියට පැමිණ තිබේ.

රට හමුවේ එකිනෙකාගේ බලය උරගා බැලීමේ සටන මේ වනවිට උණුසුම් වී ඇත. ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවයට ඉඩ හරිමින් ශ්‍රී ලංකා නිදහස්පක්ෂ 65වන මහා සම්මේලනය අභියෝගයට ලක්වීමට ඉඩ හළමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වාර්තාගත ජනතාවක් කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගනය වෙත රැගෙන  ඒමට සමත් වීම නිසා ඊට දෙවෙනි වීමට එක්සත් ජාතික පක්ෂ නායකත්වය සූදානම් නැති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ තත්වය තුළ මෛත්‍රීට වඩා වැඩි ජන බලයක් පෙන්වීමේ අවශ්‍යතාව එක්සත් ජාතික පක්ෂ නායකත්වය විසින් මතු කර ඇතැයි පැවසේ. ලබන සෙනසුරාදා ( 10)   කැම්බල් පිටියේදී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ 70වන මහා සමුලුවට   සෑම ආසන සංවිධායකවරයෙක්ම 50 දෙනා බැගින් පාක්ෂිකයන් ගෙන්විය යුතුයැයි කලින් කර තිබූ නිර්දේශය කුරුණෑගල පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහා සම්මේලනයෙන් පසු වෙනස් වී ඇත.

පෙරේදා පැවති විශේෂ සාකච්ඡාවකදී  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් සෑම ආසන සංවිධායකවරයෙකුටම පාක්ෂියන් 250 බැගින් ගෙන ඒමට පවරා තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.