රන් කරඬුව- පූජ්‍ය බටුවංගල රාහුල හිමි

ran-karaduwa
මෛතී‍්‍ර මූර්ති හාමුදුරුවෝ ලියූ ‘නංගි වෙතටයි’ නව කතාව මා කියවූයේ අප කනිටු පාසල් ශිෂ්‍යයන්ව සිටි අවධියේය. ඒ පොතේ කතා සංදර්භය මට මතක නැතත් ඉන් මනා වූ රසයක් විඳිබව දැනුදු සිහිවේ. චිත‍්‍රයක හෝ නර්තනයක රස විඳ එය යම් කාලයකට පසු සිහියට නැගෙද්දී ඇතිවන ප‍්‍රමෝදය වැන්නක් මෛතී‍්‍ර මූර්ති හාමුදුරුවන්ගේ පොත් ගැන සිහිවන විට දැනේ. ඞීමන් ආනන්දගේ පොත් පත් කියවා කියවීමේ රසය දල්වා ගත් අවධිය පසු කළ පසු මෛතී‍්‍ර මූර්ති, ජි.බී. සේනානායක, කුමාර කරුණාරත්න, කරුණාසේන ජයලත් මට හමු විය. මෛතී‍්‍ර මූර්ති හිමිගේ පොත් නැවත කියවීමේ ආසාවෙන් පෙලූනත් මට මේ වැඩිහිටි ජීවිතයේදී තවම ඒවා හමු වී නැත.
            මට සිලූටු කථා විලාසයකින් භික්ෂුවකට අනුයන ඉවුරු නොබිඳගෙන, ඒවා බිහිවූ යුගයේ රිද්මය කැටිකරගත් නවකතා ලෙස මෛතී‍්‍ර මූර්ති හිමියන්ගේ නවකතා සැලකිය හැකිය. මෛතී‍්‍ර මූර්ති හිමියෝ  ඔය පොත්  ලියන අවධියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගුරුවරයෙකුව සිටි රූප සම්පත්තියෙන් අගපත් භික්ෂුවක බව කියැවේ. උන් වහන්සේ වැඩ සිටි පේරාදෙණිය හිඳගල පැත්තේ විහාරයට බුදුන් වැඳීමට එන මුවාවෙන් පළාතේ තරුණියෝ මෛතී‍්‍රමූර්ති හිමියන්ගේ රූප සම්පත්තිය නැරඹීමට පැමිණෙන බව ඒ පළාතේ පදිංචිව සිටි මගේ මිතුරකු මා සමග පැවසීය. එහෙත් මෛතී‍්‍ර මූර්ති හිමියන් සිය සංඝ ගෞරවය කෙළසා නොගෙන සිය ආගමික හා සාහිත්‍ය ජීවිතය පවත්වාගෙන ගිය බවද මගේ මිතුරා උන්වහන්සේට ගෞරවයෙන් යුතුව මා සමග පැවසීය.
            මෛතී‍්‍ර මුර්ති හිමියන් ගැන මට මතක් වූයේ මෙවර ස්වර්ණ පුස්තක සම්මානය දිනූ පූජ්‍ය බටුවංගල රාහුල හිමියන්ගේ ”රන් කරඬුව” පොත කියැවූ පසුවය. බටුවංගල රාහුල හිමිද අයත් භික්ෂු සංස්ථාව පිළිබඳව මට ඇත්තේ බලවත් ලෙස ඉරි තලා ගිය විශ්වාසය බිඳ වැටුණු මනෝභාවයකි. ඒ මනෝ භාවයන් ඇතිකළ භික්ෂූ ප‍්‍රතිරූපකයන් අතර රාහුල හිමියන් නොසිටින බව පැහැදිලිය. එහෙත් චීවරධාරිීන් විසින් සමාජයේ අවගමනයට කර ඇති කටයුතු හා ඔවුන්ගේ නොමනා හැසිරීම අහිංසක නිර්ව්‍යාජී භික්ෂු රත්නයන් ගේ ප‍්‍රතිරූපයන්ටද මද හෝ කැලල් සිදු කරයි. බණ්ඩාරනායක මහතා ඝාතනයට නම ගෑවුනේ කැලණි විහාරයේ අධිපති මාපිටිගම බුද්ධරක්ඛිත හා තල්¥වේ සෝමාරාම නම් වූ භික්ෂූන් දෙදෙනෙක් පමණි. ඒ තිරස්චීන ඝාතනය දහස් සංඛ්‍යාත අවශේෂ භික්ෂු සංඝයා හෙළා දැක්ක බවත් උන් වහන්සේලා එයින් සංවේගප‍්‍රාප්ත වූ බවත් සැබෑවකි. එහෙත් පුහුදුන් සමාජය ඒ දවස්වල භික්ෂුවක පාරේ බැස යාමට බැරි තරමට නින්දා අපහාස කළ බව අසන්නට ලැබේ.
             ඒ ආකාරයට, අන්ත ජාතිවාදය ඇතුලූ තිරස්චීන තත්වයන් ආරක්ෂා කිරීමේ භික්ෂූන්ගේ වර්තමාන භූමිකාව බොහෝ දෙනෙකුගේ අප‍්‍රසාදයට ලක්ව තිබේ. බටුවංගල රාහුල හිමියන්  වැනි උඩුගං බලා පිහිනන්නට උත්සාහ යතිවරයන් වහන්සේලාද ඒ ගොඩටම දැමීමේ අවාසනාවන්ත තත්වයක් දක්නට ලැබේ. ශී‍්‍රපාද ඡුන්ද විමසීමේදී බලය අත්පත් කරගත් ආකාරය, දළදා මාළිගාවේ දියවඩන නිලමේ තේරීමේ දී හොරෙකු ආරක්ෂා කිරීමට නාමධාරී භික්ෂුන්ම දරණ ලද වෙහෙස, බොදුබල සේනා, රාවණා බලය ආදි සංවිධාන සමාජයේ ක‍්‍රමික සාමගී‍්‍රයට කරන චණ්ඩිකම් ආදිය ඔස්සේ මැවුණු ප‍්‍රතිරූපය චීවර දරන්නා වූ හැම කෙනෙකුටම පාහේ එල්ල වෙමින් පවතී. ඒ අතරට පැමිණි අසපු සංකල්පය ගිහි බෞද්ධයන්ගේ අතාර්කික භක්තිය සිය මඩි තරකර ගැනීමට හා ප‍්‍රතිරූප නංවා ගැනීමටත් යොදා ගැනීම හරහා තවත් පැත්තකින් භික්ෂුවගේ ප‍්‍රතිරූපයට හානි සිදු වී ඇත.මෙවැනි අයහපත් වාතාවරණයක් තුළ භික්ෂූන් අතින් නිමවන වැදගත් දෙයක් හෝ නිසිලෙස අගය නොකෙරෙන බව දකින්නට තිබේ.
minimal4
  ”රන් කරඬුව” ස්වර්ණ පුස්තක සම්මානය දිනූ බව මා පළමුව දැන ගත්තේ මුහුණු පොතෙනි. එහි තිබූ එක කොමෙන්ටුවක  වැඩකට නැති පොතක් ලෙස එම කෘතිය හඳුන්වා තිබුණි. එවැනි කොමෙන්ටු පවා පාඨක සිතට බලපෑම් කරන බව මම දනිමි. ඒ කොමෙන්ටු කරුවාට බලපා ඇත්තේ භික්ෂූන් කෙරේ වන පොදු ප‍්‍රතිරූපය බව මගේ හැඟීමයි.
               කෙසේ වෙතත් මම රන් කරඬුව කියවා හමාර කර සිටින්නෙමි. එහෙයින් මට අනෙක් ප‍්‍රාථමික නිර්දේශ තවදුරටත් වැදගැම්මක් නැත. රන් කරඬුවට වඩා හොඳ කෘති ස්වර්ණ පුස්තක සඳහා නිර්දේශිත කෘති අතර තිබෙනවාදැයි මම නොදන්නෙමි. ඒවා ගැන දැන ගත හැක්කේ ඒ පොත් කියවූ පසුවය.
ආචිර්ණ කල්පිත, පඩික්කම් පුරවන, ආධිපත්‍යධාරි භික්ෂුවක් නොවන්නාවූ, පෘතග්ජන උපේක්ෂාශීලී භික්ෂුවකගේ නිර්මාණශීලී ජීවාත්මය මම රන් කරඬුව තුළින් දකිමි. පොත අතට ගත් වෙලේ මේ නවකතාවේ ශෛලිය ජී.බී. සේනානායක අනුගමනය කළ එක් ශෛලියක් පදනම් වී යයි සිතුවෙමි. දෙවනුව ජී.බී ගේ ශෛලිය හා නවගත්තේගමගේ ශෛලියේ සම්මිශ‍්‍රණයකැයි සිතීමි. එහෙත් වැඩි අවධාරණයකින් බැලූ විට දැක ගත හැකිවූයේ ජීවිතයේ ස්වභාවික ප‍්‍රාථමික නිර්දේශයන් බැහැර කරමින් ලෝකෝත්තර නිර්වචනයකට අනුව සිය සැබෑ ජීවිතය හැඩ ගසා ගන්නට තැත් කරන පෘතග්ජන ශ‍්‍රමණයෙකුගේ ජීවන ලාලසාව එහි ගැබ්වන බවයි. එය අමුතු හා නිර්භීත ප‍්‍රවේශයකි. එමෙන්ම අත නොගැසූ කලාපයක දුර්ලභ තෝරා ගැනීමකි. සිවුරින් එතුනු පෘතග්ජන පුහුදුන් මිනිස් සිරුර රහත් භාවයට ඔසවා තැබෙන අමාවැස්ස, පිච්චමල වැනි නවකතා සැදැහැවත් පාඨකයාගේ භක්ති මනස නොසෙල්වාම තැබුවේය. එහෙත් ධී ශක්තියෙන් අනූන නිර්මාණ වේදයක් අනුගමනය කළ මාර්ටින් වික‍්‍රමසිංහ බුදු හිමිම උදාහරණකොට එතුමන්ගේ සිය ජීවන අරගලයේ යථාව බවතරණය තුළින් නිරූපණය කළේය. එයින් සංස්ථාපිත බෞද්ධයෝ කිපුණහ. ඒ කිපුම වනාහි කාලාම සූත‍්‍රය වැනි දහමක් වදාළ ඒ ශාස්තෘවරයා සොයා යාමට ඇති හොඳම මග වන විචාරාත්මක මග අසුරාලීමකි.
රන් කරඬුව තුළින් කතුවර හිමියෝ උන්වහන්සේද ඇතුළත්වන භික්ෂු සංඝයා නිරත ලෝකෝත්තර අරගලය එහි පැතුම් සමුදාය, බිඳ වැටීම්, සහ පිට පැනීම් යථා ස්වරූපයෙන් සටහන් කරයි. ගිහි ජීවිතයෙන් මිදී භික්ෂුවක් ලෙස වෙනත් ජීවන සම්ප‍්‍රදායකට ඇතුළුවීමට ගත්තා වූ තීරණයට බලපෑ සිය ළමා වියේ ස්නේහවන්තිය පිළිබඳ දයාර්ද අනුවේදනීය පෘතග්ජන හැඟීම සිය පරමාර්ථ සාධනය පිළිබඳ වෙහෙසකර අරගලයේම කොටසක් කරගනිමින් බොහෝ දුර රැුගෙන එයි. කතුවරයා භික්ෂුවක ද වූ තතු යටතේ ඉතා කෘති‍්‍රම අවසානයක් දෙමින් විප‍්‍රලම්බ ශෝකයෙන් දැවෙන  ස්නේහවන්තිය ද, බුද්ධධර්මය ද නදී තෙරකදී මුණ ගස්සවා සියල්ල හමාර කිරීමට තැත් කරතත් එය එසේ නොකළ හැකි බව තත් විෂයයේ බැ?රුම්ව නියලෙන ගිහි අපට නම් වැටහෙන්නේය. රාහුල හිමියන්ටද එය වැටහෙනු නිසැකය. එහෙත් උන් වහන්සේගේ භික්ෂූත්වය හා නිර්මාණය අතර ගැටුම මතුවන්නේ එතනදීය.
                 ලෝකෝත්තර වටිනාකමක් සහිත රන් කරඬුවක් හා කුඩා පැන්සල් කොටයක ගැබ්වුණු මහ කෙලෙසක් ඔලොගුවක දමා ගෙන දෙකම සුරැුකිමින් බුදු දහමේ මූලය හා එහි පිළිසරණ සොයා යාම අපූර්ව නිර්මාණ නිමිත්තක් තොර්ා ගැනීමකි. බුදු දහමේ නාමයෙන් එයට පටහැනි දේ කරන දේවදත්ත වැනි භික්ෂූන් හා ඔහුගේ අනුග‍්‍රාහක අජාසත් රජු වත්මන් ශාසන විලෝපිත භික්ෂූන් හා ඔවුන්ගේ අනුග‍්‍රාහක දේශපාලකයන් සියුම්ව සමවාය කිරීමකි.
mjrqt4a5.ut2
              බටුවංගල රාහුල හිමියන් අතළොස්සක් වූ නිර්මාණකාරියේ යෙදෙන භික්ෂුන් අතර වැදගත් ස්ථානයක් ගනී. ඔහුගේ නිර්මාණවේදය නිර්මාණාත්මකය. නැවුම්ය. පර්ල් එස් බක්ගේ ඨදදා ෑ්රඑය කෘතිය සිංහලට නැගුයේ භික්ෂුවක විසිනි. ඒ 1960 ගණන්වලදී ය. ඉනික්බිති පළමු වරට පොදු ජනයාට සමීප වහරකින් නිර්මාණ කාරියේ යෙදුණේ මෛතී‍්‍ර මූර්ති හිමියන්ය. කෝන්ගස් දෙනියේ ආනන්ද මණ්ඩාවල පඤ්ඤාවංශ, වීර පොකුණේ උපරතන ආදී භික්ෂූන්ද උසස් නිර්මාණාත්මක සාහිත්‍යකරුවන් ලෙස සැලකිය හැකිය. කවර තරමේ භික්ෂුවක් වුවත් ඔහු භික්ෂු ජීවිතයට එළැඹෙන්නේ සිය ජීවිතයේ අප‍්‍රමාණ දේවල් කැප කරමිනි. ඒ කැපකරමින් තම ජීවිතයට අලූතින් එක්කර ගන්නා තමා අනුයන ලෝකෝත්තර දැක්ම සිය කෘතිීන් මත විවිධ ප‍්‍රමාණයන්ගෙන් ් ඇතුලූ වීම වැළැක්විය නොහැක.  පොදු සාහිත්‍ය පෝෂණය කරන වෙනම සාහිත්‍ය ශානරයක් ලෙස භික්ෂුන් අතින් ලියවෙන මෙම සාහිත්‍ය ධාරාව අප තේරුම් ගත යුතුය. බටුවංගල රාහුල හිමියන්ගේ රන්කරඬුව එකී ශානරයට ඇතුලූ කළ හැකි අගනා කෘතියකි.-http://iranamvila.blogspot.co.uk/

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.