රනිල්ගෙන් ප්‍රාදේශිය නායකයින්ට හදිසි කැඳවීමක්

Ranil Wickramasinghaඑක්සත් ජාතික පක්ෂයේ සියලුම ග්‍රාමීය මට්ටමේ ක්‍රියාකාරිකයින් පිරිසක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් හදිසියේම අද (27) කොලබට කැදවා තිබේ. බැඳුම්කර සිද්දිය සම්බන්ධයෙන් අසත්‍යය තොරතුරු ප්‍රචාරය වී ඇති හෙයින් ඒ පිළිබඳව බිම් මට්ටමේ පාක්ෂිකයින් හා කොටස් දැනුවත් කිරීම සඳහා ප්‍රාදේශිය නායකයින් කොළඹට කැඳවන බවයි පක්ෂ ආරංචි මාර්ග කියා සිටින්නේ.

දේශපාලන විචාරකයින් මේ සම්බන්දව කියා සිටින්නේ ඉදිරියේදී රාජපක්ෂ සිරිසේන එකමුතුවක් ඇති උවහොත් ප්‍රබල වීමට ඉඩ ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මුහුණ දීම සඳහා ප්‍රාදේශීය නායකත්වය සුදානම් කර ගැනීම සඳහා මෙම කැඳවීම කරන බවයි. මේ පිළිබඳව සන්නිවේදනය පිලිබඳ දෘෂ්ටි කෝණයකින් විමසීමක් කල ප්‍රචාරණ උපක්‍රම පිලිබඳ විශේෂඥයෙක් කියා සිටියේ රනිල් වික්රමසිඝ මහතා බැඳුම්කර සිද්දිය පිළිබඳව කෝප් කමිටු වාර්තාව එලි දැක්වීමට පෙර තමන්ග්ටේ මතය ඉදිරිපත්කොට එහි වාසිය ගැනීමට තත් කරන බවයි.

අර්ජුන් මහේන්ද්‍රන් කෝප් වාර්තාවෙන් වැරදි කරු උනත් ඒ වටා ව්‍යාකුල හා සංකීර්ණ තොරතුරු ගොන්නක් ඇති කිරීම මගින් ජනතාවට ඇත්ත නැත්ත තෝරා බෙර ගැනීමට නොහැකි තත්වයක් ක්ෂණිකව ඇති කිරීම වික්‍රමසිංහගේ සන්නිවේදන ක්‍රම උපායේ ඉලක්කය වී ඇති බව උපක්‍රම පිලිබඳ විශේෂඥයා lankanewsline පැවසිය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.