රනිල්ට එරෙහි විශ්වාසභංගය ලත් තැනම ලොප්?

Ranil Wickramasinghe

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කරන්නේ යැයි කියන විශ්වාසභංග යෝජනාව ඉදිරිපත්නොවන එකක් බවට දැනගන්නට තිබේ.

මහින්ද රාජපක්ෂ ගෙන් ඊට අනුකුල තාවක් පල නොවීම සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂය අගමැතිවරයාට එරෙහිව කටයුතු නොකිරීමට තීන්දු කිරීම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් නොකරීමට බලපන ප්‍රධාන හේතුවේ

මේ සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගෙන් කළ විමසීමක දී ඔහු සඳහන් කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කරන්නේ යැයි කියන විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීන්දු කළ බවයි.

අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට ඒකාබද්ධ විපක්ෂයේම මන්ත්‍රීවරුන් පිරිසක් සූදානමින් සිටින රන්ජන් රාමනායක කියා සිටී.

විශ්වාසභංග යෝජනාව ඒකාබද්ධ විපක්ෂයටම පාරා වළල්ලක් වීට ඉඩ ඇති හෙයින් එය අකුලා ගත යුතු බවට යෝජනා ඉදිරිපත් වී ඇතත් ගත් පියවර පෙරටම තැබිය යුතු බව විමල් වීරවංශ,බන්දුල ගුණවර්ධන, සහ මහාචාර්ය ජී එල් පීරිස් කියා සිටිති. මේ පිරිසේ මතවාදයට මහින්ද රාජපක්ෂ එකඟ වුවහොත් සෙසු සාධක නොතකා විශ්වාසභංගය ඉදිරිපත් වීමට ඉඩ ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.