රනිල් ගෙදර යන්නත් සුදානම්      

RANILCARTOON

 

බලය භාවිත කරමින් රට හැදීමට නොහැකි නම් බලය අත්හැර යාමට තමා සුදානම් බව අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටී .

වෘත්තීය සමිති ගණනාවක් එක්ව අයවැය යෝජනාවට විරුද්ධව සැලසුම් කර තිබූ දීපව්‍යාප්ත වැඩවර්ජනය හමුවේ ඉල්ලීම් සමහරක් ඉටු කිරීමට ආණ්ඩුව එකඟ වී තිබේ.

.

වැඩ වර්ජනය කැඳවූ ජාතික වෘත්තිය සමිති පෙරමුණ සමග පැවැති සාකච්ඡාවකීන් අනතුරුව පාර්ලිමේන්තුව හමුවේ රජයේ එකඟතාව ප්‍රකාශයට පත් කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ කියා  සිටින්නේ වෘත්තිය සමිති ඉදිරිපත් කළ ඉල්ලිම් ගණනාවක් සම්බන්ධයෙන් තමන්ගේ  අවධානය යොමු වී ඇති බවයි .

 

සිදු කළ සාකච්ඡාවේදී වෘත්තිය සමිති ඉල්ලිම් රාශියකට අගමැතිවරයාගෙන් පිලිගත හැකි විසදුම් ලැබුන නිසා වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකට අත්හිටුවීමටත් යම් හෙයකින් එම ඉල්ලිම් කඩ වූවහොත් නැවත වරක් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි  සමන් රත්නප්‍රිය කියා සිටින්නේ.

RANIL-SAMAN

අද දිනයේදි පාර්ලිමේන්තුව අමතමින් අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ රාජ්‍ය සේවකයන් සඳහා  වැඩිකරනු ලැබු රුපියල් දස දහසක දීමනාව ලබන ජනවාරි මාසයේ සිට අදියර තුනකින් මුලික වැටුපට එක්කරන බවයි.

එමෙන්ම ජාතික වැටුප් කොමිසම යළි ස්ථාපිත කිරීමට ද කටයුතු කරන බව කියා සිටි ඔහු පෞද්ගලික අංශයේ සේවකයන්ට රුපියල් දෙදහස් පන්සියයක වැටුප් වැඩිවීම ලබන මැයි මාසය වන විට ලබාදීමට හැකිවනු ඇතැයි ප්‍රකාශ කළේය.

පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවීම ඉල්ලා දහසකට අධික නිදහස් වෙළෙඳ කලාප කම්කරුවෝ අද පාන්දර විරෝධතාවක් පැවැත්වූහ.

නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ කැඳවුම්කාර ඇන්ටන් මාකස් එහිදී ප්‍රකාශ කර සිටියේ මේ ආණ්ඩුව කම්කරු විරෝධී අයවැයක් ගෙන එනු ඇතැයි එය බලයට පත් කරන්නට වෙහෙසුණු කම්කරු පන්තිය කිසිසේත් අපේක්ෂා නොකළ බවයි.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.