රනිල් ගෙන් අනාගතයට පෙරවදනක්……….

ranil-wickramasinghe-dවිප්ලවීය චින්තනයක් මගින් අභීත ප්‍රතිපත්ති සහ පියවර ගතයුතු කාලය එළඹ ඇති බව  අගමැතිවරයා පෙන්වා දුන්නේ රටේ ආර්ථිකයේ ඉදිරි දැක්ම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි. ශ්‍රී ලංකා ඉතිහාසයේ වඩත් අනාගතවාදී අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ බව පාර්ලිමේන්තු වාර්තා කරන මාධ්‍යවේදීහු කියා සිටිති.

ප්‍රධාන ඉලක්ක මෙසේය

* ඒක පුද්ගල ආදායම දෙගුණ කරමින් 2025 වසරවන විට ඇමෙරිකානු ඩොලර් 8000 ක්.

*දැනට අපේ ආර්ථිකය වර්ධනය වන්නේ වර්ෂයකට 5% වේගයෙන්. මේ වේගයෙන් ගියොත් ඒක පුද්ගල ආදායම දෙගුණ වන්නට 2033 දක්වා බලා සිටින්නට අපට සිදු වෙනවා. අපිට වසරකට 7% ක ආර්ථික වර්ධනයක් පවත්වා ගත හැකි නම් ඒක පුද්ගල ආදායම වර්ෂ 2025 වන විට දෙගුණ කර ගත හැකියි

*අමෙරිකානු ඩොලර් බිලියන 11 ක් පමණ වූ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම පහත වැටෙමින් තිබෙන අතර නිමි ඇඟළුම් අපනයනය අමෙරිකානු ඩොලර් බිලියන 5 ක මට්ටමක හිරවී ඇත , ජීඑස්පී ප්ලස් සහනය යළි ලබා ගැනීමෙන්  ඇඟළුම් කර්මාන්තයේ පිබිදීමක් ඇති  කිරීම.

“2003 දී අපේ රෙදිපිළි සහ ඇඟළුම් කර්මාන්තය අමෙරිකානු ඩොලර් බිලියන 2.5 ක්  වූ අතර  ඒ වසරේ බංග්ලාදේශයේ රෙදිපිළි සහ ඇඟළුම් ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 5.2යි. 2015 වන විට අපි රෙදිපිළි සහ ඇඟළුම් අපනයන කර්මාන්තයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 4.8 ක් උපයද්දී බංග්ලාදේශය අමෙරිකානු ඩොලර් බිලියන 26.6 ක් උපයයැයි. ශ්‍රී ලංකාව පෙර පැවති වාසිදායක තත්වය අත්පත් කරගත යුතුය.

*මැද පෙරදිග ආර්ථික අර්බුදය හමුවේ  කලක් තිස්සේ ලෝක වෙළෙඳපොලේ තෙල් මිල අඩු වී තිබීම නිසා සෞදි ආරාබිය වැනි රටවලට තමන්ගේ රට වැසියන්ට පවා ගෙවන වැටුප් අඩු කිරීමට සිදුව ඇත මේ නිසා නව අදායම් මාර්ග ගැන කල්පනා කල යුතුව ඇත.

*ඉදිකිරීම සඳහා අවසර ලබා ගැනීම, විදුලි සබඳතා සහ බැංකු ණය, දේපොළ ලියාපදිංචිය, සුළුතර ආයෝජකයන්ගේ සුරක්‍ෂිතතාව, ආදායම් බදු ගෙවීම, විදේශ වෙළෙඳාම, ගිවිසුම් ක්‍රියාත්මක කිරීම, බංකොළොත් ව්‍යාපාර සමථයකට පත් කිරීම, රැකියා වෙළඳපොල රෙගුලාසි ආදී ක්ෂේත්‍ර ගණනාවක් සඳහා ඇති අවහිරතා ඉවත්  කිරීමට ආණ්ඩුව කටයුතු කරනු ඇත.

*හම්බන්තොට වරායට සහ මත්තල ගුවන් තොටුපොළට ලබාගත් අති විශාල ණය ප්‍රමාණය ගෙවීම වෙනුවට ණය හිලව් කිරීම සඳහා හිමිකාරීත්වයේ කොටස් ලබාදෙන ක්‍රමවේදයක් සකස්  කොට ඇත.

* චීන සමාගම් මේ ක්‍රමවේදය යටතේ වරාය සහ ගුවන්තොටුපොල සංවර්ධනය කරන්නට දැඩි උනන්දුවක් දක්වන  නිසා හම්බන්තොට වරායේ සහ ගුවන් තොටුපලේ ණය අපේ දරුවන් පිට පැටවෙන්නේ නැත.

*වන වගාව කෙරෙහි ද අවධානය යොමු කරන අතර  කැළි කසළ බැහැර කිරීමේ දැවැන්ත අභියෝගයට ද තිරසර විසඳුම් දෙ ලබා දෙනු ඇත.

*. ජාතික ආණ්ඩු පදනම මතින්ත රට ඉදිරියට.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.