රනිල් සිවිල් සමාජය සනසන උත්සාහයක

Ranil Wickramasingheආණ්ඩුව සහ සිවිල් සංවිධාන නියෝජිතයන් අතර හටගෙන තිබෙන මත ගැටුම නිරාකරණය කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මැදිහත්වීමට තීරණය කර ඇත. ආණ්ඩුව බලයට පත් කිරීමට දායක වූ මහාචාර්ය සරත් විජේසුරිය, නිර්මාල් දේවසිරි, ගාමිණී වියන්ගොඩ අදින් දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම් සහ හිටපූ නාවික හමුදාපතිවරුන් FCID එකට ගෙන යෑම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි ක්‍රියා මාර්ගයක්ග ත යුතු බව කියා සිටිති.

ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා ක්‍රියා කළ සිවිල් සංවිධාන හා ආණ්ඩුව අතර යළි සමීප සම්බන්ධතාව ඇති නොවුන හොත් උද්ගත විය හැකි තත්වය පිලිබදව ‍පොදු අපේක්ෂක ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් කිරීම හා ආණ්ඩුව බලයට ගෙන ඒමටත් ක්‍රියා කළ සියලු සිවිල් සංවිධාන නියෝජිතයන් පෞද්ගලිකව හමුවී සාකච්ඡා කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ කටයුතු කරනු ඇති බව ආරංචි වේ.

ගයන්ත ගේ මාධ්‍ය කළමනාකරණය
මේ අතර වාරයේ ජනධිපතිවරයා ගේ කථාව වැරදි ආකාරයකට අර්ථ කථනය වීමක් සිදුවී ඇති බව ලක්බිම පුවත් පත වාර්තා කරයි. මේ එම වාර්තාවෙන් උපුටා ගත් කොටසක් ”මාධ්‍ය වල පළවූයේ මගේ කතාවෙන් කොටසක් පමණයි. මගේ කතාව විවේචනය කරන බොහෝ දෙනකු අසා ඇත්තේ මගේ කතාවේ එම කොටස පමණයි. මගේ කතාව පිළිබඳව වැරදි අර්ථකථනයක් මතුව ඇත්තේ එම නිසා බව පැහැදිලියි” යැයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

“මෙතනදී ජනාධිපති මාධ්‍ය අංශයෙන්ද වරදක් වෙලා තියෙනවා. එම අංශයද මගේ කතාව සම්පූර්ණයෙන් පළ කිරීමට කටයුතු යොදා නැහැ” යනුවෙන්ද ජනපතිවරයා මෙහිදී සඳහන් කළේය.

“ඔව් ඔබතුමාගේ කතාව සම්පූර්ණ සිංහල පිටපතක් තවමත් ලැබි නැහැ” යැයි එවිට අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවැසුවේය.

රාජ්‍ය මාධ්‍ය
මෙහිදී ජනපතිවරයා රාජ්‍ය මාධ්‍ය හැසුරුණු ආකාරයද විවේචනය කළේය. “දැන් බලන්න ‍ලේක්හවුස් පත්තරවලත්, මුල් පිටුවේම සඳහන් කර තිබුණේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂවරිය අස් වුණේ මගේ ප්‍රකාශය නිසා කියලයි. ආණ්ඩුවේ මාධ්‍ය ආයතන මීට වඩා වගකීමකින් කටයුතු කළ යුතුයි. රජයට සම්බන්ධ විද්‍යුත් නාලිකාවන්ද මේ අවස්ථාවේ හැසිරුණු ආකාරය ගැටලුසහගතයි. අපිම දීපු මාධ්‍ය නිදහස භාවිත කරමින් රාජ්‍ය මාධ්‍යය අද මටම පහර දෙන තත්ත්වයට ඇවිල්ලා” යැයි ජනපතිවරයා මෙහිදී දැඩි ස්වරයෙන් පැවැසීය.

මම මේ ගැන අගමැතිවරයා එක්කත් කතා කරන්න බලා‍පොරොත්තු වෙනවා. මම කිසිවිටක කිව්වේ නැහැ ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රශ්න කරපු ඒක වැරදියි කියලා මම කියලා නැහැ. මගේ කතාවේ කොටස් විතරක් ප්‍රචාරය කරාම විවිධ වැරදි අර්ථකථන මතුවනවා. සිවිල් සංවිධාන හා ජනමාධ්‍ය ආයතන මොනවා කිව්වත් අවසානයේ රටේ දේශපාලන ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙන්නේ මටයි” යනුවෙන්ද ජනපතිවරයා මෙහිදී පැවැසීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.