රාජපක්ෂ පවුල අවුරුදු 2 තුළ බිලියන 2.3 ක් විදෙස් ගමන්වලට වියදම් කරලා… අගමැති කියයි…..

mahinda-rajapaksa-fවිදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉකුත් රජය සමයේ සිදුවූ බව කියන දුෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලිමට බලතල සහිත විශේෂ තේරිම් කාරක සභාවක් පත් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදි ඊයේ (30) ප්‍රකාශ කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි සුනිල් හදුන්නෙත්ති නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව කීවේය. ඉකුත් රජය සමයේ විදේශ අමාත්‍යාංශයේ පැවැති දුෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් ඇමතිවරයා හෙළිදරව් කළ අවස්ථාවේ නැගි සිටි මන්ත්‍රීවරයා ඒ පිළිබඳව සොයා බලන්න තේරිම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා සිටියේය. පූර්ණ නෛතික බලයක් සහිත පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් පත් කොට මේ ගැන සොයා බලන්නැයි මන්ත්‍රීවරයා යෝජනා කළේය. විදේශ අමාත්‍යාංශ වැය ශිර්ෂ විවාදයේදි අගමැතිවරයා මේ බව කීවේය. එම විවාදයට එක් වෙමින් ඇමතිවරයා කිවේ 2012 – 2014 අතර කාලයේ විදේශ සංචාර වෙනුවෙන් හිටපු ජනාධිපතිවරයා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් රුපියල් බිලියන 2.3 ක මුදලක් වියදම් කර ඇති බවය.

කිසිදු කොන්සල්ජනරාල්වරයෙකු නැති ඇමරිකාවේ ලොස්ඇන්ජලිස් නුවර නිවසක් මිලදි ගෙන එහි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගේ පුතා රදවා සිට ඇති බව පැවසු ඇමතිවරයා හමුදාවේ දෙදෙනෙක්ද පුතාගේ ආරක්ෂාවට යොදවා සිට ඇති බවත් ඒ ගැන කළ පරික්ෂණයේදි හෙළිදරව් වී තිබෙන බවද කීවේය. අවුරුද්දකුත් මාස නවයක කාලයක් එම නිවසට මුදල් ගෙවමින් පාවිච්චි කර ඇති බවත් මිලියන 339 කට වඩා වැඩි මුදලක් සජින් වාස් ගේ නමින් පිටරට යවා ඇති බවද හෙතෙම සඳහන් කළේය. හිටපු ඇමතිවරයාගේ විදේශයේ කළ කතාවන් විදෙස් සමාගමකට මුදල් ගෙවා සකස් කර ගෙන තිබෙන බවද ඔහු පැවසුවේය.

මේ අතර නැගි සිටි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා මේ සියලූ කාරණා ප්‍රකාශ කිරිමෙන් අනතුරුව නැගි සිට තේරිම් කාරක සභාවක් පත් කරන ලෙස යෝජනා කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.