රාජපක්ෂ පිළ හරාකිරියේ

හරා කිරිය යනු  ජපන් ජාතිකයින් අරමුණක් වෙනුවෙන්  බඩ  කපා ගෙන කරන සියදිවි නසා ගැනීමකි.

මෙවර අයවැයට පක්ෂව ඡන්දය දෙන මන්ත්‍රීවරුන්ට අළුත් වාහන ලැබීමට නියමිතය. අනෙක් අතට කොහොම කළත් විස්වාශ භංග යෝජනාවෙන් ආණ්ඩුව පරදවනු බොරුය.

මහින්දවාදී පිළේ මන්ත්‍රීවරුන්ට  හා රාජපක්ෂවරුන්ට එරෙහිව ඇති නඩු සහ විමර්ශන  වලක්වාලීම අසීරු වෙමින් පවතී.

හිටපු ජනධිපතිවරයා අයවැයට එරෙහිව තර්කානුකුලව  කරුණු ර දක්වා සිටියත් ඒ සඳහා ජන මතයක් ගොඩනැංවීමට නොහැකි තැනක සිටී .

මේ මොන තත්වය තිබුනත් අයවැයට එරෙහිවීමට මහින්ද හිතවාදී කණ්ඩායම තීරණය කොට ඇති බවක් පෙනෙන්ට තිබේ.Rajapaksa_AP_2281618f

මේ ආණ්ඩුවේ ආයු කාලය වසර දෙකකට පමණක් සීමාවන් අතර දැන් පටන්ම ඊට එරෙහි ස්ථාවරයක සිටීම දිගුකාලීන දේශපාලන වාසි ගෙන දෙන්නක් බව මේ පිරිස් සිතනවා විය හැකිය. ඒ වෙනුවෙන් මේ මොහොත කැප කිරීමට සුදානම් පිරිස තීරණාත්මක ලෙස අඩු විය හැකිය .

තමන්ගේ සගයින්ට නඩු පිට නඩු වැටීමට  ඉඩ තිබෙන බව  ඉවෙන් දන්නා හිටපු ජනධිපතිවරයා දැන් ඒ පිලිබදව ප්‍රසිද්ධ ප්‍රකාශ කරමින් සිටී.

 

කර අරී

මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජපක්ෂ පිල විසින් කතානායකවරයා වෙත භාර දෙනු ලැබූ විශ්වාසභංග යෝජනාවට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අත්සන ලබා දී නොමැති බව වාර්තා වේ.

මෙම විශ්වාසභංග යෝජනාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිහකට ආසන්න පිරිසක් අත්සන් ලබා දී ඇති අතර මහින්ද රාජපක්ෂ මහතා අත්සන් නොකිරීම හෙළි වී ඇත්තේ අද (30) ගම්මන්පිල මන්ත්‍රීවරයා කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය.

හිටපු ජනාධිපතිවරයා යොදා ගනිමින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරවා එම කණ්ඩායම ශ්‍රීලනිපයෙන් ඉවත්කර ගැනීමට මීට පෙර ඒකාබද්ධ විපක්ෂය නමින් පෙනී සිටින කණ්ඩායම උත්සාහ දැරූ අතර එයට මහින්ද රාජපක්ෂ සිය විරෝධය දක්වා තිබේ.

 

 

බොරු චෝදනා

 

මට පක්‍ෂව ඉන්න දේශපාලනඥයන්ට විරුද්ධව බොරු චෝදනා කරලා ඒ අය නඩුවල පටලවලා ආණ්‌ඩුවට ගන්න උත්සාහ කරනවා. ඒත් මින් ඉදිරියට විපක්‍ෂයේ ඉන්න කිසිම දේශපාලනඥයෙක්‌ ආණ්‌ඩුවට එකතු වෙන්නේ නැතැයි හිටපු ජනාධිපති කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී, මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයින’ ඊයේ (30 වැනිදා) ප්‍රකාශ කළේය.

ආණ්‌ඩුව පැත්තට යන කට්‌ටිය දැන් ගිහිල්ලා ඉවරයි. ආණ්‌ඩුව දැන් බොරුවට කියනවා අරයා එනවා මෙයා එනවා කියලා. ඒත් මින් ඉදිරියට කිසිම කෙනෙක්‌ ආණ්‌ඩුවට සහයෝගය දෙන්න එන්නෙ නැහැ. මට සහාය දෙන අයට ආණ්‌ඩුව පැත්තට හරවා ගන්න ඒ අය ලොකු උත්සාහයක නිරත වෙනවා. ඒත් ඒක පලක්‌ වෙන්නේ නැතැයි මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.