රිතු සීමාව පැන්න හේතුව

බැරියර් කඩාගෙන ගිය හැටි රිතූ කියන කතාව මෙන්න

 

 

 

rithu (1)

 

රූගත කිරීමක්‌ සඳහා ගොස්‌ ආපසු එන අතරතුරදී ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක්‌ වන රිතු ආකර්ෂා පදවාගෙන පැමිණි මෝටර් රථය වේගය පාලනය කර ගත නොහැකිව පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළු වන ප්‍රධාන දොරටුව හරහා ගමන් කර එහි තිබූ ආරක්‍ෂක කෝන් කීපයකට ද අලාභහානි සිදු කරමින් අනතුරකට ලක්‌වෙලා තිබෙනවා. යෙහෙළියක්‌ නිවසට ඇරලවා ඇය තම නිවස කරා යමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුර සිදුවූ අවස්‌ථාවේදී රිතූ ජනප්‍රිය තරුණ කැබිනට්‌ ඇමැතිවරයකුට තම ජංගම දුරකථනයෙන් ඇමතුම් කීපයක්‌ ලබාගත් බව ද මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ කතාවේ ඇත්ත නැත්ත සොයා බලන්න අපි රිතූට කතා කළා.

රිතු මොකද වුණේ.

parliment පාරේදී car එක accident වුණානේ..

රිතුට අනතුරක්‌ නෑ නේද..

හොඳ වෙලාවට එහෙම කරදරයක්‌ වුණේ නෑ. ඒත් වාහනේ නං හුඟක්‌ damage.

අනතුර වෙච්ච ගමන් තරුණ කැබිනට්‌ ඇමැතිවරයකුට දුරකථනයෙන් කතා කළාලු..

බොරු අනේ… කවුද දැන් එහෙම කියන්නේ. එක්‌කෝ මං කියන්න ඕන. එක්‌කෝ ඔය කියන දේශපාලනඥයා කියන්න ඕන. බොරුනේ.

එතකොට මේ වෙලාවේ කවුද රිතුට උදවු කළේ..

අනතුර වෙච්ච ගමන් එතෙන්ට ආවේ මගේ තාත්තයි, ගෙදර අයයි. එයාලා තමයි හැමදේම හොයලා බලලා කළේ.

තරුණ ඇමැතිවරයකුට කතා කළ එක බොරුවක්‌ ද?

ඔව්.. අනික ඉතිං ඔය කියන විදිහට ඇමැතිවරයකුට කථා කළා නං මං උසාවි යන්න ඕන නෑනේ..

පොදු දේපළ වලටත් හානි වෙලාලු නේද..

පොදු දේපළවලට වෙච්ච හානියට මං අලාභය ගෙවන්න කටයුතු සූදානම් කරලයි තියෙන්නේ.

ඔය කියන්නේ ඇත්මද?

ඔව් අනේ.. බලන්න කියන කතා. අනික ඉතිං එහෙම මං උදව්වක්‌ ඉල්ලුවාමයි කියමුකෝ. මොකක්‌ද එකේ ඇති වැරැද්ද. කරදරයක්‌ වුණාම දන්න කෙනෙක්‌, හිතවතෙක්‌ ඉන්නවා නං උදව්වක්‌ ඉල්ලන එක, උදව්වක්‌ ගන්න එක වැරැද්දක්‌ද?

රෑ වෙනකං shooting. ඔය තරමට කාර්යබහුල ඔබ වෘත්තීය රංගන ශිල්පිනියක්‌ද…

ඔව්. මගේ වෘත්තිය රංගනය. ඇත්තටම මේ ටෙලි නාට්‍ය රඟපෑම් කටයුතු එක්‌ක වෙන රැකියාවක්‌ කරන්න වෙලාවක්‌ නෑ. අනික මං දැනට කරගෙන යන කටයුතු එක්‌ක ස්‌ථායී වෙන්න මේ ඇති. අනික්‌ අතට මං මුදල්ම බලාගෙන රඟපෑම කරන කෙනෙකුත් නෙමෙයි. මං ලද දෙයින් සතුටුවෙන කෙනෙක්‌ කොහොමත්.

ගෙදර කට්‌ටිය මොකද කියන්නේ රිතු තෝරගත්ත වෘත්තීය ගැන..

මගේ අම්මා ගෙදර ඉන්නේ. තාත්තා පොලිස්‌ නිලධාරියෙක්‌. මගේ අයියා රට. මල්ලි ඉගෙන ගන්නවා. කාටත් වැඩිය මගේ තාත්තා සතුටුයි මං කලාවට සම්බන්ධ වුණ එකට. මොකද තාත්තී කලාවට හුඟක්‌ කැමති කෙනෙක්‌.

සමහර දෙමව්පියෝ දුවක්‌ නිළියක්‌ වෙනවට අකමැතියි නේද…

කවදාවත් මං කරන දේකට ගෙදරින් අකමැතිවෙලා නෑ. අනික ඉතිං රඟපෑම නරක දෙයක්‌ නෙමෙයිනේ එපා කියන්න. මං නං කියන්නේ මේ ලෝකෙ තියෙන සුන්දරම රැකියාව තමයි රඟපෑම.

ඒ සුන්දරම රැකියාව හින්දා නිරූපන ක්‌ෂේත්‍රය අමතක කරලා දැම්මද…

මං ඉගෙන ගත්තේ කොළඹ 14 සාන්ත ජෝශප් විද්‍යාලයේ. උසස්‌ පෙළ කළේ කලා අංශයෙන්. හිතාගෙන හිටියේ ගුවන් සේවිකාවක්‌ වෙන්න. හැබැයි අවස්‌ථාව ලැබුණෙ නිරූපන ක්‌ෂේත්‍රයට සම්බන්ධ වෙලා කටයුතු කරන්න. ඒක හින්දම තමයි නිළියක්‌ වෙන්න අවස්‌ථාවක්‌ ලැබුණෙත්.

Boy friend ගෙ නම මොකක්‌ද…

එහෙම කෙනෙක්‌ දැනට මගේ ජීවිතේ නෑ.

බොරු.. කියන්න එපා…

ඉස්‌සර හිටියා. දැන් නෑ.. රිතු බොරු කියන කෙනෙක්‌ නෙමෙයි.

හිටපු කෙනා…

කාලෙත් එක්‌ක ඒ දේවල් නැතිවෙලා ගියා. අපි අපිට ගැලපෙන්නේ නෑ කියලා තේරුණා. ඉතිං කතා බහ කරලා ඒ සම්බන්ධය නතර කළා.

ඉස්‌සරහට ලැබෙන්න ඉන්න කෙනා කොහොම කෙනෙක්‌ විය යුතුයි කියලද රිතු හිතන්නේ..

අනේ මන්දා… මෙහෙම කෙනෙක්‌ කියලා කියන්න බෑ. අනික මගේ හිතේ මෙහෙම කෙනෙක්‌ ඕන කියලා රූපයක්‌ නෑ. හොඳයි කියල හිතෙන කෙනෙක්‌ ලැබුණොත් බලමුකෝ….

රිතු ගැන කට කතා හැදිලා තියෙනවද…

දැනුවත්ව නෑ. නොදැනුවත්ව මොනවහරි කියනවද කියලා නං දන්නේ නෑ.

ටදිsසච ගැන මොකද හිතෙන්නේ..

හිතන්න දෙයක්‌ නෑ ඇත්තටම. මොකද ඕන දේ එපා දේ හැමදේම දානවා. කලාකරුවන්ගේ පෞද්ගලික තොරතුරු දාන එකෙන් කාටවත් වැඩක්‌ නෑනේ.

කලාකරුවන් සුවිශේෂී නිසා නේද එහෙම වෙන්නේ.. අනික රසික රසිකාවියන් කැමතියි නේද තමුන් ආදරය කරන කලාකරුවන්ගේ තොරතුරු දැනගන්න….

කලාකරුවන්ටත් පුද්ගලිකත්වයක්‌ කියලා දෙයක්‌ තියෙනවා. සමහර වෙලාවට අතිශය පුද්ගලික කලාකරුවාගේ චරිතය, ප්‍රතිරූපය, රසික ආදරය පවා නැතිවෙන විදිහට තොරතුරු ටදිsසච ප්‍රචාරය කරනවා. ඒක ලොකු අපරාධයක්‌. හොඳට හොයලා බලලා ඇත්තම නං විතරක්‌ දැම්මත් කමක්‌ නෑ. මං දන්න විදිහට හුඟක්‌ කලාකරුවන් සම්බන්ධයෙන් බොරු ප්‍රචාරය උනා සැහෙන්න. මං ඒකට අතිශය විරුද්ධයි. අපි අපිව පරිස්‌සම් කරගන්න ඕන කලාකරුවන් විදිහට.

රිතු දේශපාලනයට ක්‍රියාකාරීව සම්බන්ධ වෙන්න එහෙම අදහසක්‌ තියේද…

කිසිම ආසාවක්‌ නෑ. මිනිස්‌සුන්ට දෙයක්‌ කරන්න කැමතියි. එත් මගේ වෘත්තීය කලාව.

ජනප්‍රිය දේශපාලන චරිතයක්‌ එක්‌ක රිතුගේ ප්‍රේම සම්බන්ධයක්‌ තියෙනවා කියලා පහුගිය දවස්‌වල හැමෝම කතා වුණා නේද…

එහෙම කිසිම සම්බන්ධයක්‌ නෑ. මං හිතන්නේ එඩ චරදටර්පපැ එකකට සහභාගී වුණාට පස්‌සේ හැදිච්ච කතාවක්‌ ඔය. ඔය කතා කියන අයට ඕවා ඔප්පු කරන්න සාධක නෑ. අනේ මන්දා කොහොම කියනවද කියලා. අපි ජදෙෙee එකකට එළියට ගිය පලියට, එහෙමත් නැත්නම් එකට ෆොටෝ එකක්‌ ගත්තට, හම්බවෙලා කතා කළාට ප්‍රේම සම්බන්ධයක්‌ තියෙනවා කියලා කතා හදන එක වැරදියි. මගේ දෙමව්පියෝ, රසිකයෝ වගේම මට ආදරය කරන අය දන්නවනව මං ගැන, එච්චරයි. මං ඒ දේවල් ගණන් ගන්නේ නෑ…

යුගන්ති යශෝදරා

ඡායාරූප – ඉරේෂ් ජයංග ඩයස්‌

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.