රුසියාවට ඔලිම්පික් දොර යන්තමට විවර වේ

 

Russia Rio312016 රියෝ ඔලිම්පික් උළෙලෙන් රුසියාව සම්පූර්ණයෙන්ම ඉවත් නොකිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අවසානයේදී තීරණය කළේය.

පසුගිය සතියේ රුසියාව ඉදිරිපත් කර තිබූ අභියාචනා විභාග කළ ක්‍රීඩා අර්බුද නිරවුල් කිරීමේ ස්විස්ටර්ලන්ත අධිකරණය කියා සිටියේ රුසියානු රජයේ අනුග්‍රහයෙන් එරට මලල ක්‍රීඩකයන් තහනම් උත්තේජන භාවිතා කළ බවට එල්ල වූ චෝදනා ඔප්පු වී ඇති බවය. ඒ නිසා එම අභියාචනා හැට අටම ප්‍රතික්ෂේප කරන බව ඔවුන් දන්වා සිටියේය.

එබැවින් තහනම් උත්තේජක චෝදනා යටතේ වරදකරුවන් වී තරග තහනමකට ලක්ව සිටින කිසිදු රුසියානු මලල ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට මෙවර ඔලිම්පික් තරගාවලියට සහභාගී වීමේ වරම් හිමි වන්නේ නැත. එහෙත් තහනම් උත්තේජන භාවිතය පිළබද චෝදනා නැති  කණ්ඩායමකට මෙවර රුසියාව  වෙනුවෙන් ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමේ අවස්ථාව ලැබී තිබේ.

කෙසේ වෙතත් රුසියාව වෙනුවෙන් තරගවැදීමට ඔලිම්පික් වෙත එන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉතා දැඩි ලෙස තහනම් උත්තේජක පරීක්ෂණ වලට භාජනය කිරීමට කටයුතු කරන බව  ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව   කියා සිටි බව ඒජන්සි වාර්තා දක්වා තිබුණේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.