රූප රැජිණිය ගේ හදවත ශ්‍රී ලංකාවේ

මඩකලපුවේ සිට ලන්ඩනයට පැමිණි ශ්‍රී ලාංකික  එවන්ජලීන් ෆ්රාන්සියා එල්ක්මනර්, බ්‍රිතාන්‍යයේ (Miss Elegance) හෙවත් ‘රූප සුන්දරියක’ ලෙසින් බර්මින්හැම් නගරයේදී කිරුළු පැළඳුවාය.

එවන්ජලීන් සිය මව ශාන්ති රාජකරුණා සමඟ

පසුගිය අප්‍රේල් මාසයේ ලන්ඩන් නුවර ජනහඬ පදනම විසින් පවත්වන ලද අවුරුදු උත්සවයේදී සිංහල අවුරුදු කුමාරිය ලෙස කිරුළු පැළඳි එවන්ජලීන් උපත ලබා තිබෙන්නේ ප්‍රංශයේදී.

“මම උපන්නේ ප්‍රංශයේ වුනත්, බ්‍රිතාන්‍ය පුරවැසියෙක් වුනත් මගේ හදවත තියෙන්නේ ලංකාවේ,” බවයි තරගයෙන් ජය ගැනීමෙන් අනතුරුව කියා සිටියේ.

එවන්ජලීන් ෆ්රාන්සියා එල්ක්මනර්, ගාල්ලේ සිට පැමිණ බ්‍රිතාන්‍යයේ පදිංචි වී සිටින ශාන්ති රාජකරුණා සහ මඩකලපුව වාසියකු වූ ගීවරාජු එරාජ්සිංහම් එල්ක්මනර් ගේ දියණියයි.

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.