රේගු වර්ජනයෙන් කටුනායක අකර්මන්‍ය වෙයි.

biaකටුනායක ගුවන්තොටුපොලේ රේගු නිලධාරින් ඊයේ (16) ක්‍රියාත්මක කළ හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ගුවන් මගීන් දැඩි අපහසුතාවට ලක් ව තිබේ.

ඒ හේතුවෙන් ගුවන් ගමන් වාර 10 ක් පමණ ප්‍රමාද කිරීමට සිදු වී ඇත.

තමන් සේවයට පැමිණෙන විට රැගෙන එන ගමන් මළු සහ ආහාර පාර්සල් අනවශ්‍ය පරිදි ගුවන්තොටුපොලේ ආරක්ෂක අංශය පරීක්ෂා කරන බව පවසමින් රේගු නිලධාරීන් එම හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ විය.

පැය දෙකහමාරකට ආසන්න කාලයක් පැවති එම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් රටින් බැහැර ව යන මගීන්ගේ ගමන් මලු පරීක්ෂාවට ද බාධා මතු වූ බව වාර්තා වේ.

සිංගප්පූරුව, චීනයේ – ෂැංහයි, පාකිස්ථානයේ – ලාහෝර්, ලන්ඩනයේ – හීත්‍රෝ, සහ සෞදි අරාබියේ – ජෙඩා, කරච්චි, මාලේ, බෙල්ජියම, චෙන්නායි යන ගුවන්තොටුපොල වෙත පිටත්වීමට නියමිත ව තිබූ ගුවන් ගමන් වාර 10 ක් ප්‍රමාද කිරීමට සිදු වූ බව ගුවන්තොටුපොලේ කාර්යභාර කළමනාකරු සඳහන් කරයි.

කෙසේ වුව ද ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ සහ රේගු නිලධාරීන් අතර ඇති වූ එකඟතාවක් මත අවසානයේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර ඇත.

එහෙත් පෙර දැනුම්දීමකින් තොරව රේගු නිලධාරීන් ක්‍රියාත්මක  කළ එම හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් විශාල මූල්‍ය පාඩුවක් සිදු වූ බව ගුවන්තොටුපොල හා ගුවන් සේවා සමාගමේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ඩබ්ලිව්.එම්.ඩී. මුහන්දිරම් මහතා සඳහන් කරයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.