රෝහලට යන්න වාහනයක් නොදුන් නිසා ගුරුවරයා මග මැරෙයි..

_heart-attackඅධ්‍යාපන අමාත්‍යාංශයට පෙරේදා ( 14 වැනිදා ) පැමිණි ගුරුවරයකු හදිසියේ රෝගාතුර වී ඇති අතර  රෝහලට ගෙන යාම  ප්‍රමාද වීම නිසා ඔහු මිය යාම එහි කාර්ය මණ්ඩලය දැඩි නොසන්සුන්තාවකට පත් තිරීමට හේතු විය.

කුරුණෑගල පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචි බව කියන මෙම ගුරුවරයා අසනීප වීමෙන් පසු දිගු වෙලාවක් අමාත්‍යාංශයේ තබා ගෙන ඇති අතර ඔහු රෝහල් ගත කිරීම සඳහා අමාත්‍යාංශ වාහනයක් ලබා දීම ප්‍රවාහන අංශයෙන් ප්‍රතික්‍ෂේප කිරීම මෙම කැළඹීමට හේතු වී ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග කිවේය. අවසානයේ එම රෝගියා රෝහලට ගෙන ගොස් ඇත්තේ අමාත්‍යාංශ රියදුරු මහතකුගේ ත්‍රීරෝද රථයකිනි. රෝහලට ගෙන යමින් සිටිය දී ඔහු මිය ගොස් තිබේ.

ගුරුවරයා අසනීපව බිම් මහලේ දී ඇද වැටී ඇති අතර එහි සිටි ආරක්‍ෂක අංශය විසින් පුටුවක වාඩි කරවනු ලැබ  තිබේ. ඉන් පසු ඔහුගේ නාසයෙන් ලේ වහනය වන්නට පටන් ගත් බව ඉහත ආරංචි මාර්ග පැවසීය

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.