රෝහිත රාජපක්ෂ ගේ චන්ද්‍රිකාව කක්ෂගත වුනාද?……………..

rohitha-rajapaksa-satelliteජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂ නායකත්වය දුන් සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව සැබවින්ම කක්ෂගත වුවාද යන ප්‍රශ්නය දැන් මතු වී තිබේ. මේ ව්‍යාපෘතිය ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලැබූ එකක් බව පැවසුනද ජනතා විමුක්ති පෙරමුණේ නලින්ද ජතිස්ස් මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළ විට සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ. ඇමති මලික් සමරවික්‍රම පැවසුවේ තමන් මේ පිළිබඳව කිසිත් නොදන්නා බවයි.

සුප්‍රීම් සැට් ප්‍රධාන විධායක නිලධාරී විජිත් පීරිස් කියා සිටියේ ‘ශී චැන්ග්’ යානය යොදා ගනිමින් ‘සුප්‍රීම් සැට් – 1’ චන්ද්‍රිකාව චීනයේදී සුරක්ෂිතව කක්ෂගත කිරීමේදී රෝහිත රාජපක්ෂ ටෙක්නිකල් ටීම් එකේ ප්‍රධාන ඉංජිනේරු හැටියට වැඩ කළ බවයි. විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ ප්‍රධානි අනූෂ පැල්පිට නිවේදනයක් කරමින් ප්‍රකාශ කොට තිබුනේ ශ්‍රී ලංකා ආණ්ඩුව එම ව්‍යාපෘතියට කිසිසේත්ම සම්බන්ධ නොමැති බවයි. එහෙත්

දැන් ජයතිස්ස මන්ත්‍රීවරයා ගේ ප්‍රශ්න කිරීමත් සමඟම මව් සඳහා රාජ්‍ය මුදල් අවභාවිතාවක් පිළිබඳව ගැටළුවක් තිබේදැයි විමර්ශනය කිරීමට සිදුවෙන බව නියෝජ්‍ය ඇමති අජිත් පෙරේරා පැවසීය. “අපේ සේවාව වෙන්නේ කෙලින්ම නිවසට සපයන රූපවාහිනී සේවා. ඒවා ඉතාමත් අඩු මුදලකට ශ්‍රී ලංකා සමාජයට දෙන්න පුළුවන් වේවි අපෙන් සේවය ලබා ගත්තොත්,” යැයි විජිත් පීරිස් පැවසු නමුත් මේ සේවාව ලබාගත් කෙනෙක් ගැන දැනගන්නට නැත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.