ලංකාවේ 90% කට TNL පේනවා

shan1ලංකාවේ 90% කට TNL පේනවා

මේ දිනවල පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ විකාශය කරනු ලබන්නේ TNL නාලිකාව ඔස්සේය. TNL ලංකාවේ වැඩි දෙනෙකුට නිදහස් රූපවාහිනී තරංග මාලා ඔස්සේ පැහැදිලිව නැරඹීමට අපහසු බවට පිළිගන්නා නාලිකාවක් වන අතර ක්‍රිකට් තරගයක් වැනි ජාතික මට්ටමේ නැරඹුම් අවශ්‍යතාවයක් තිබෙන වැඩසටහනක් එවැනි නාලිකාවක විකාශය කිරීම මතභේදයට ලක්ව තිබේ.

මේ ආකාර දේශපාලන සබඳතාවයක් මත ක්‍රිකට් තරග වැනි ධනෝත්පාදක වැඩසටහන් වල විකාශන අයිතිය ලබාදීම නරඹන්නන්ගේ පැත්තෙන් කෙතරම් දුරට සාධාරණද යන්න මෙම මතභේදයට මුල්වූ දෙයයි.

කෙසේ වෙතත් ටීඑන්එල් ඔස්සේ ආසියානු කුසලාන තරගාවලිය විකාශය කිරීම ගැටලූ සහගත නොවන බවත් ලංකාවේ සියයට 90 ක් වැනි ප්‍රතිශතයකට ටීඑන්එල් හොඳීන් පෙනෙන බව එහි සභාපති ශාන් වික්‍රමසිංහ ඔවුනට අයත් ඉසිර ගුවන් විදුලියේ උදෑසන වැඩසටහනකට එක්වෙමින් පසුගියදා ප්‍රකාශ කළා. ජපානයේ හා ජර්මනියේ විශේෂඥයින් පැමිණ මෙම ප්‍රතිශත අගය ලබාදුන් බවද ඔහු පැවසුවේය.

එවැනි චෝදනාවක් කරන අයට ඇත්තේ ඇස් කණ්නාඩිවල දෝෂයක් බවත් තමන්ගේ කණ්නාඩි ටූත්පේස්ට් වලින් මැදගෙන ටීඑන්එල් නරඹන්නේ නම් ගැටලූවක් ඇතිවිය නොහැකි බවත් ඔහු පවසා තිබෙනවා.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.