ශ්‍රී ලංකාව ඇත්තටම පොහොසත්ද?

ශ්‍රී ලංකාව තව දුරටත් දුප්පත් රටක් නොවන බව ඊයේ (25) අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිවරයා මාධය හමුවක් පවත්වමින් කියා සිට්යේය.
arjun mahendran

ලෝකය පිළිගනු ලබන්නේ රටක මහා බැංකුව විසින් වාර්තා කෙරන වර්තාවනය. සංක්‍යාලේඛන අනුව ලංකාව පොහොසත් රටක් විය හැක. එසේ වන්නේනම් සියල්ලන්ටම සතුටු වීමට හැකිය. දන්නා කාලයේ පටන් ශ්‍රී ලංකාව දියුණුවෙමින් පවතින රටක් යන වග අපට කටපාඩම්ය.

රාජපක්ෂ රජය යුද්ධය ජයගැනීමෙන් අනතුරුව විවිද සංවර්ධන ව්‍යාපෘති රටට හදුන්වාදෙමින් රට සන්වර්හානය සඳහා යම් මෙහෙවරක යෙදුනු බව කෙතරම් චෝදනා ඇතත් පිළිගත යුතුය. අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතාගේ මහා බැංකු වාර්තා අනුව ලංකාව මදි ආදයම් ලබන රටක් විය. එහෙත් රට වැසියා ප්‍රීතියෙන් උද්දාමව ඒ සතුට සමරුවේ නැත මන්ද යත් සන්කයා ලේකනවලට ලංකාව මැදි ආදායම් ලබන රටක් වුවත් මිනිසුන්ගේ බඩට ඒ සංවර්ධනයේ මිහිර දැනුනේ නැත. සාමාන්‍ය පුරවැසිගේ දිළිඳුකම එක දශමයකින්වත් අඩු වූයේනම් ඒ ඉතා ස්වල්ප පිරිසකගේ පමණක් විය. ඒ නිසාම මහින්ද රාජපක්ෂටත් මහින්දගේ ආණ්ඩුවටත් ජනතාව ටටා බයි බායි කියා ගෙදර යැව්වේය.

යහපාලනයද දැන් තම ගමනේ 5 න් එකක් ගෙවා අවසන්ය. තාමත් අසන හොදක්නම් නැත. කරන හොදකුත් පෙන්නේන්ට නැත. අජිත් නිවාඩ් කබ්‍රල්ගේම කොපිය දැන් අර්ජුන් මහේන්ද්‍රන් දිගහරිමින් සිටී.

පවතී එකම ආණ්ඩුවක්වත් දේශීය නිෂ්පාදකය ගැන අල්ප මාත්‍රයක විශ්වාසය තබන්නේ නැත. අද රටට වැඩිම ආදායම ලැබෙන්නේ ඇගලුම් කර්මාන්තයෙන් හා පිටරටට වහල් සේවයේ යෙදීමෙන්ය. රටේ නිශ්පාදන ආර්ථිකයකට යන බවක් පෙනෙන්නට නැත. විටින් විට රුපවාහිනි වල පුවත්පත්වල ලංකාවේ ඇති දක්ෂ නිර්මාණකරුවන් ගැන කතා කරට්නු දක්නට ඇත ඇතැමෙක් ජලයෙන් දුවන ලෙස වාහන නවීකරනය කරති තවත් අයවලුන් නවතම වාහන නිෂ්පාදනය කරන බව පෙන්වයි. තවත් දක්ෂයෝ බොහෝය. එහෙත් ඒ එකම පුද්ගලයෙකුටවත් රජයෙන් සහයෝගයක් ලැබෙනා බව දක්නට නැත.

1426055825_1417105_hirunews_car
රටේ වොක්ස්වැගන් කර්මාන්තශාලා අරින්නට කතා කරන නායකයන් ලංකාවේ මයික්‍රෝ නගාසිටුවීම ගැන කතා නොකරති, වේගා නවතම ශ්‍රී ලංකික මෝටර් රථයට අත දෙන බව නොපවසති. හැමදාම පිටරටින් ගෙනත් දෙන තුරු බලා සිටින්නට රජෙ පුරවැසිය මෙන්ම රටේ නායකයින්ද පුරුදු වී සිටීම මේ රටේ අභාග්‍ය සම්පන කම හැර වෙනක් කුමක්දැයි කියා අපට තේරෙන්නේ නැත.

දැන් කතාබහට ගැනෙන ඉට්කා ගැනද එසේය. රටේ ඩිජිටල් ඇමතිවරයා කියන්නේ එය ඇමරිකාවට සටනක් දෙන්නට ඉන්දියාව හා අත්සන් කෙරෙන ගිවිසුමක් බවය. එතුමා ඉන්දියාවේ ඩිජිටල් තාක්ෂණ ඇමති නොවන බව එතුමාට මතක් කර දිය යුතුය ගොඩනැගිය යුත්තේ අපේ රටේ තොරතුරු තාක්ෂණ ශිල්පියා මිස ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ ශිල්පීන් නොවන වග අවබෝධ කරගත යුතුය.

දේශීය ආයෝජකයන් මග හරිමින් අන්වර්ධනයක කර යනවනම් එය කවද හෝ නවතින ගමනක් බව සිහිපත් කල යුත්තේය. ශ්‍රී ලංකාව නිසැකයෙන්ම දුප්පත් රටක් නොවන්නටනම් සන්කයා ලේඛන වලට නොව සෑම පුරවැසියෙක්ටම සංවර්ධනයේ ප්‍රතිලාභ ලැබෙන වැඩපිළිවෙලක් සකස් කලයුතුය දේශපාලකයාගෙන් දේශපාලකයාට ජනාධිපතිවරයාගෙන් ජනාධිපතිවරයාට වෙනස් නොවන ප්‍රතිපත්තියක් කතිකාවක් සකස් කල යුතුය. එසේ නොවන තාක් කල් අපේ දරු මුනුපුරන්ටද අනාගතයේදීත් අපේ රට සංවර්ධනය වෙමින් පවතින රටක් බවම පවසන්නට සිදු වනු ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.