ලංකා පුත්‍ර බැංකුවේ සභාපති ඉවත් කිරීම රාජපක්ෂ කල්ලියේ වැඩක් ලු…

lankaputhra21ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලය මගින් පෙරේදා දිනයේ තනතුරින් ඉවත් කළ එහි හිටපු සභාපති ලසන්ත ගුණවර්ධන  ඊයේ (06 දා) දිනයේ පෙරවරුවේදීද බැංකුවට පැමිණ සභාපති පුටුවේ වාඩිවී  සිටි බවත්, ඔහුට හිතවත් පිරිසක්‌ විසින් දියත් කළ, මහ බැංකුවට එරෙහි සටන් පාඨ සහිත උද්ඝෝෂණයක්‌ ඊයේ උදේ වරුවේ බැංකුව අසල පැවැති  බවත් වාර්තා වේ.

ලංකා පුත්‍ර බැංකු ආරංචිමාර්ග කියන්නේ බැංකුවේ තීරණවලට පටහැනිව සභාපති තනතුරේ කටයුතු කරන ලසන්ත ගුණවර්ධන මහ බැංකුවේ තීන්දුවලට අභියෝග කරමින් කටයුතු කරන බවයි.

එහෙත් මේ පිළිබදව ලසන්ත ගුණවර්ධන විසින් කියනු ලබන්නේ වෙනස් කතාවකි. මේ ප්‍රශ්නය මුලුමනින්ම පහත්  දේශපාලන ප්‍රශ්නයක් බව ඔහු පවසයි. ඔහුට අනුව ඔහු බැංකුවේ සභාපති තනතුරට පත්කර ඇත්තේ අගමැතිවරයා විසිනි. එහෙත් අධ්‍යක්ෂ මණ්ඩලය තුළ සිටින්නේ පසුගිය රජයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පත්කරන ලද ඔහුගේ හිතවාදී කණ්ඩායමකි. මේ කණ්ඩායම බැංකුවට තමන් පැමිණි දිනයේ සිට සියලු කටයුතු කඩාකප්පල් කළ බවත් මේ සියලු සිදුවීම් ඒ දේශපාලන න්‍යාය පත්‍රය තුළ ක්‍රියාත්මක ඒවා බවත් ඔහු පවසයි. පත්වීමේ ස්වරූපය අනුව ඔහුව ඉවත් කළ හැක්කේ අගමැතිවරයාට පමණක් බවද ඔහු පවසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.