ලබන වසරේ සිට ඉන්ධන මිල සුත්‍රය යටතට.

fuel-station(1)රටේ ඉන්ධන මිල තීරණය කරන මිල සූත්‍රයක් හඳුන්වාදීමට සියලු කටයුතු සම්පාදනය කර තිබෙන බවත් ඉදිරි සති දෙක ඇතුළත කැබිනට් මණ්ඩලයට මිල සූත්‍රය ඉදිරිපත් කරන බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (12) පාර්ලිමේන්තුවේ දී  විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය වැයශීර්ෂය විවාදයේ අඳහස් දක්වමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසී ය.

“ඛනිජ තෙල් සම්පත උපරිම ආකාරයෙන් භාවිත කිරීම සඳහා කැප වී, එම කටයුත්ත ඒ ආකාරයෙන් ම සිදු කරනවා. මෙය ඉතාම සංවේදී අයාතනයක්. ඛනිජ තෙල් මිල අඩු වෙනකොට ඇයි අඩුවෙන්නේ නැත්තේ කියලා අහනවා.පසුගිය වසරේ දෙවරක් තෙල් මිල අඩු කර තිබෙනවා. මේ වසරේ ජනවරි මාසය තුළ තෙල් මිල අඩු කළා. භූමි තෙල් සහනයක් මෙවර අයවැයෙන් ලබාදුන්නා. රටේ ඉන්ධන මිල තීරණය කරන මිල සූත්‍රයක් හඳුන්වාදීමට සියලු කටයුතු සම්පාදනය කර තිබෙනවා. ඉදිරි සති දෙක ඇතුළත කැබිනට් මණ්ඩලයට මිල සූත්‍රය ඉදිරිපත් කර ලබන වසරේ සියලු ජනතාවට විනිවිද පෙනෙන ආකාරයට මිල දැනගැනීම වෙනුවෙන් වැඩපිළිවෙළක් අපි සූදානම් කර තිබෙනවා.“

ගෑස් සඳහා ආයෝජකයන් ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බවත් ඉදිරියේ දී ස්වාභාවික වායු සොයාගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසී ය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.