ලසන්තගේ ජංගම දුරකතනය ටැප් කල හැටි හෙලිදරව් වේ………..

tapped-the-telephoneකළම්බු ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවිය පවසන පරිදි ලසන්ත වික‍්‍රමතුංගගේ ජංගම දුරකතනයට රාජ්‍ය බුද්ධි සේවාව රහසින් සවන් දී ඇත. මේ සඳහා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුම ඇතිව නියෝජ්‍ය පොලිස්පති කීර්ති ගජනායක විසින් විධානයක් නිතුත් කොට ඇත. මෙම විධානය නිකුත් කොට ඇත්තේ ලසන්ත ඝාතනයට සති කිහිපයකට පෙරයි. එම දුරකතන ලැයිස්තුව අතරේ දේශපාලඥයින් කිහිප දෙනෙකුගේම දුරකතනවල අංක සටහන් වී ඇත. වෙබ් අඩවිය පවසන පරිදි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස පත්වූ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස කටයුතු කල රනිල් වික‍්‍රමසිංහ වැනි දේශපාලනඥයෙකුගේ දුරකතන අංකය මීට ඇතුල් කිරීමෙන් ප‍්‍රජාත‍්‍රන්තවාදය අභියෝගයට ලක් වී ඇත. මෙම විධානයේ දක්වා ඇති පරිදි දුරකතන වලට රහසින් සවන් දීමේ හේතුව ජාතික ආරක්ෂාවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.