ලසන්ත ඝාතනය කළ බව පැවසු හමුදා නිලධාරියා මැරුවේ කවූද?

Ilandarige Jayamanneසන්ඩේ ලීඩර් ආරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංගව ඝාතනය කළේ තමා යැයි සඳහන් කරමින් පසුගිය 14වනදා සිය දිවිනසාගත් කෑගල්ල, කරඩුපන ප්‍රදේශයේ පදිංචි හිටපු යුධහමුදා බුද්ධි අංශ සැරයන් ඉලන්දරගේ ජයමාන්න නැමැත්තාගේ ඇඟිලි සටහන් ලබා ගෙන ඒවා ලසන්ත වික්‍රමතුංග මහතාගේ මෝටර් රථයේ ඇඟිලි සලකුණු සමග සැසඳු බවත් ඒවා එකිනෙක නොගැලපුණ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 27වනදා අධිකරණයට දැනුම් දීමත සමඟම අළුත් ප්‍රශ්න රැසක් පැන න නැගී ඇත.

ප්‍රධන ප්‍රශ්නය වන්නේ ඔහු  ඝාතනය කළා නම් එසේ කලේ කවුරුන්ද යන්නයි.

වික්‍රමතුංග මහතා ඝාතනය කළේ තමන් බවට පවසමින් දිවිනසාගත් විශ්‍රාමික හමුදා බුද්ධි අංශ සාජන්ට් මේජර්වරයාගේ නිවස පරීක්ෂා කළත් ඔහු දිවිනසා ගැනීමට පෙර ලියුමක් ලිවීමට යොදාගත් කොපි පොතේ පිටුව ඇතුළත් විය යුතු බව සැක කළ හැකි පොතක් හෝ ඒ සඳහා යොදා ගත් පෑන හෝ සොයාගැනීමට නොහැකි වූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ අනාවරණය කර තිබේ.

අපරාධද සිදු කර ඇති බව

මොහු අවසන්වරට ලියූ බවට සැක කෙරෙන ලියුම අනුව හමුදා බුද්ධි අංශ සාමාජිකයින් තම රාජකාරියට පටහැනිව අපරාධ සිදු කර ඇති බවට තහවුරු වන බවත් හමුදා බුද්ධි අංශයේ රාජකාරිය වන්නේ තොරතුරු ඒකරාශී කිරීම හා කලමණාකරණ කිරීම වුවද දිවිනසාගත් හිටපු බුද්ධි අංශ නිලධාරියා ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළ බවට පිලිගැනීමෙන් පෙනී යන්නේ ඔවුන් අපරාධද සිදු කර ඇති බව යැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියි.

හමුදා කඳවුරෙන් ලද කැඳවීම

මොහු සියදිවි නසාගැනීමට පෙර ඔහු අවසන්වරට සේවය කළ හමුදා කඳවුරෙන් ලද කැඳවීමකට අනුව දින තුණක් එම කඳවුරේ සිටි බවත් එහි සිට පැමිණ ඔහු දැඩි කලකිරීමකින් සිටි බවත් එම හමුදා සෙබලාගේ බාල සහෝදරයෙකු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

හෙළිදරව් වෙමින් පැවති ලසන්ත ඝාතනයේ පරීක්ෂණ වෙනතකට යොමු කිරීමේ අරමුණෙන් ඝාතකයන් මෙම විශ්‍රාමික යුධහමුදා බුද්ධි අංශ සැරයන්වරයාව ඝාතනය කළේදැයි මේ අනුව රට තුළ සැකයක් පැනනගිමින් තිබේ.

එහෙත් හමුදා නිලධාරීන් ගෙන් ප්‍රශ්න කිරීම පිළිබඳව ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශයෙන් අනතුරුව උද්ගත වී ඇති තත්වය හේතුවෙන්  සත්‍යය කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඇති ඉඩකඩ බොහෝ බව දේශපාලන වාර්තා කරුවන් පවසති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.