ලෙනින් ගේ වැඩ හෙළිදරව්වට උසාවියෙන් ඉඩ………….

silence in the courtsප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ “උසාවිය නිහඬයි” චිත්‍රපටියට පසුගිය 06වනදා සිට පනවා තිබූ වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ නොකිරිමට කොළඹ දිසා විනිසුරු එම්.යූ.ගුණවර්ධන මහතා අද (21) නියෝග කළේය. කෙසේ නමුත් එම නඩුව නැවත ජනවාරි 19 වැනිදා යළි කැඳවීමට නියමිත ය.

මෙම චිත්‍රපටය මහජන ප්‍රදර්ශනයට දින සූදානම් කර තිබියදී , තමන් ස්ත්‍රී දූෂණයක් කළ බවට පළ වූ පුවතක් පාදක කරගනිමින් මෙම වාර්ථමය චිත්‍රපටය නිර්මාණය කර ඇති බව පැමිණිලිකාර හිටපු මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක අදාළ අතුරු තහනම් නියෝගය ඉල්ලමින් ගොනු කළ නඩුව අද කැඳවමින් දිසා විනිසුරුවරයා මෙම නියෝගය ලබා දී ඇත.lenin

මහව මහේස්ත්‍රාත්වරයා ලෙස සේවය කළ ලෙනින් රත්නායක විසින් ඒ වනවිට අධිකරණයේ විභාගවෙමින් පැවති නඩුවක සැකකරුවෙකුගේ බිරිඳ ගම්පොල ප්‍රදේශයේ තානායමකට කැඳවා එහිදී දූෂණයට ලක් කළ බවටත් පසුව තම නිල කාමරය තුළදීද වෙනත් ස්ත්‍රීයක දූෂණය කළ බවටත් චෝදනා එල්ලවී තිබේ.

ප්‍රසන්නගේ සිනමාපටය තනිකරම පදනම් වන්නේ පුවත්පත් වාර්තා සහ වින්දිතයන්ගේ ප්‍රකාශ මත ය. ලංකා අධිකරණ ඉතිහාසයේ විනිසුරෙකුට අසූචිවලින් සැකකරුවෙක් පහර දුන් එක ම අවස්ථාව වන්නේ ලෙනින් රත්නායක අසූචි පහර කෑ අවස්ථාව විය යුතු ය. තම බිරිඳ දූෂණය කළ විනිසුරාගෙන් සිරකරුවා පළිගත්තේ එසේ ය. අදාළ ස්ත්‍රී දූෂණ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසම ඉදිරියේ ලෙනින් රත්නායක වැරදිකරු බවට පත් වී වැඩ තහනමට ලක්ව සිටී.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.