ලොව දුප්පත්ම ජනපති ධුරයට සමු දෙයි

ලොව දුප්පත්ම ජනපති ධුරයට සමු දෙයිpresident_08

ලොව දුප්පත්ම ජනාධිපතිවරයා ලෙස සැලකෙන උරුගුවේ ජනාධිපති හොසේ මුහිකා මහතා අද සිය ධුරයෙන් විශ්‍රාම ගනු ලැබුවා.

තම බිරිදට අයත් ගොවිපොළේ සිට රාජ්‍ය පාලනය කළ මේ සරල මිනිසා තමාගේ ඩොලර් 1200ක වැටුපෙන් 90% කම වෙන් කළේ තම රාජ්‍යයේ අසරණ දුගී දුප්පත් වැසියන් වෙනුවෙනුයි.

ගරිල්ලා සටන් කරුවෙකු ලෙස කාලයක් ක්‍රියා කළ මුහිකා ජනාධිපති ධුරය දැරීමට ප්‍රථම එරට අමාත්‍ය ධුර කිහිපයක් දරු අයෙක්. 2009 පැවති ජනාධිපතිවරණයෙන් ජයගත් හේ 2010 මාර්තු 01 වෙනිදා ජනාධිපතිවරයා ලෙස තේරි පත් වුව.

සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස ජනාධිපති ධුරය භාරගත් මේ මානව හිතවාදියා තම ධුරයෙන් නික්ම ගියේද සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස වීම මුළු මහත් ලෝකයේම නායකයන්ට ලබා දුන් ආදර්ශයක්.

අද බොහෝ නායකයින් තමා සරල බව පෙන්වීමට මාධ්‍ය තුල කරන්නා වූ නාටකයනට වඩා මේ අනගි පුද්ගලයාගේ ජීවිතයෙන් සැබෑ දේශපාලනය කුමක්දැයි උකහාගෙන රටට සේවය කරන්නේනම් හෙට දිනයේද අලුතින් පත්වන ජනාධිපතිවරයෙකුට වඩා  විශ්‍රාම යන ජනාධිපතිවරයෙකු පිලිබඳ ලෝකයම  කතා කරනු ඇති.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.