ලෝක කුසලාන ජය කාටද ?

Capture_jpgAA_විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තීරණාත්මක දෙවන වටයේ තරග අදින් ආරම්භ වේ. ඒ අද සවස නග්පුර්හි පැවැත්වෙන ඉන්දියාව හා නවසීලන්තය අතර තරගයෙන්.

මෙවර ශ්‍රී ලංකාව තරගාවලියට අවතීරණ වන්නේ 2014 ලෝක ශුරයන් ලෙසින්.

ඔවුන් සහභාගී වන පළමු තරගය ඇෆ්ගනිස්ථානය සමග ලබන 17 වනදා කොල්කටා හිදී පැවැත්වේ.

ඉන් අනතුරුව 20 වෙනිදා බටහිර ඉන්දීය කොදෙව්වන් සමගත් 26 වෙනි දා එංගලන්තය සමගත් 28 වනදා දකුණු අප්‍රිකානුවන් සමගත් තරග වැදීමට නියමිතයි.

කෙසේ වෙතත් මේ වන විට පවතී පුහුණු තරග 2ම ශ්‍රී ලංකාව පරාජයට පත් වී ඇති අතර එම තරග දෙකේම වඩාත් සාර්ථක පිතිකරුවා වුයේ අවසාන මොහොත දක්වා සංචිතයට කැදවා නොගත් ලහිරු තිරිමාන්න වීම විශේෂත්වයකි

මෙවර ලෝක කුසලානයේ වැඩි බලාපොරොත්තු ඉන්දියාව තබා තිබෙන අතර ඔවුන්ගේම තනතිලිවල ක්‍රීඩා කිරීම ඔවුන්ට තවත් වාසි සහගත තත්වයක් ගෙන දී තිබේ.

නවසීලන්තය ඔස්ට්‍රේලියාව හා එංගලන්තයද මෙවර ලෝක කුසලානයේ බලාපොරොත්තු බවට පත්ව තිබේ.

කෙසේ වෙතත් මේ දක්වා තරගාවලි වලදී නවසීලන්තය හා දකුණු අප්‍රිකාව කොතරම් දක්ෂතා දැක්වුවත් වාසනාව ඔවුන් සොයා පැමිණියේ නැති බව පෙනෙන්නට තිබේ. මෙවර හෝ දක්ෂතාවයට වාසනාව එකතු කරගන්නට එම රටවල් උත්සහ දරනු ඇත.

ශ්‍රී ලංකාවද අනෙකුත් තරග වලදී කෙතරම් උදාසීන වුවත් ලෝක කුසලාන තරගාවලි වලිදී ඔවුන්ගේ ආක්‍රමණශීලී තරග රටවනට අවතීරණ වන්නේ පුහුණු තරගාවලිද පරාජයට පත්ව තිබියදී වීම ශ්‍රී ලංකා කණ්ඩායම ගැන යම් නලපොරෝත්තුවක් තබා ගැනීමට හේතු සාධක වේ.

කුසල් ජනිත් අහිමි වීම දවන්ත පාඩුවක් වුවත් චන්දිමාල් ආරම්භක පිතිකරු ලෙස තම වගකීම මැනවින් ඉටු කරගනිමින් සිටී. ලහිරු තිරිමාන්නද ඔදින් ක්‍රීඩා කරන අතර දිල්ශාන් , ජයසුරිය , මැතිව්ස් , කපුගෙදර හා සිරිවර්ධන යන පිතුකරුවන්ගෙන් අවම දෙදෙනෙකුවත් යලි සාර්ථක වුවහොත් හා 60914මාලිංග ඇතුළු පන්දු යවන්නන්ගේ බල ඇණිය සුපුරුදු ලෙස ක්‍රියාත්මක වුවහොත් ගියවර  ශුරතාවය රැක ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට බෙහෙවින් ඉඩකඩ තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.