ලෝක සෞඛ්‍ය සංවිධානය වැරදියි… මැලේරියාව තවමත් ලංකාවෙන් තුරන් වී නැහැ

Malariaශ්‍රී ලංකාවෙන් මැලේරියා රෝගය තුරන් වී ගොස් ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයත් ශ්‍රී ලංකාවත් නිවේදනය කොට ඇතත් රෝගය රටට ඇතුළුවීමේ අවදානම මෙතෙක් පහව ගොස් නැතැයි උතුරේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂ්ණන් ශිවරාමන් පෙන්වා දෙයි.

එම වෛද්‍යවරයා මෙම අදහස් පලකලේ මැලේරියා රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට කැපවීමෙන් යුතුව කටයුතු කළ පිරිසකට සම්මාන පිරිනැමීමට වවුනියාවේ පැවති උළෙලකට සහභාගි වීමට පැමිණි අවස්ථාවේදී බී.බී.සී.ය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමිනුයි.
වන්දනා කිරීම පිණිසත් වාණිජ කටයුතු පිණිසත් ඉන්දියාවට ගොස් ආපසු පැමිණෙන පුද්ගලයිනුත් ඉන්දියාවේ ඇති මැලේරියා රෝගය ශ්‍රී ලංකාව වෙත රැගෙන එන බව එම විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.

ඉන්දීය ධීවරයින් අත් අඩංගුවට ගෙන රදවා තබා ගැනීමද මේ රටට මැලේරියා රෝගය යළි පැමිණීමට තවත් හෙතුවක් බව ඔහු පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවෙන් මැලේරියා රෝගය තුරන් වූ බවට නිවේදනය කිරීමෙන් පසුවද එවැනි රෝගීන් හමුවන්නට පටන් ගෙන ඇතැයි කී විශේෂඥ වෛද්‍යවරයා මෙය ඉතා අවදානම් සහගත තත්ත්වයක් බවද කියා සිටියේය.

ඉන්දියාවට අමතරව බංගලාද්ශය,නේපාලය පකිස්තානය,සුඩානය වැනි රටවලින්ද ශ්රී ලංකාවට මැලේරියා රෝගය පැමිණෙන බව කී සිවරාමන් වෛද්‍යවරයා එම රෝගීන් හදුනාගෙන සෙසු පිරිසට මැලේරියා රෝගය බෝවීමට ඇති අවස්ථා අවම කිරීමට පියවර ගෙන ඇති බවද සදහන් කළේය.
ශ්‍රී ලංකාවේ මැලේරියා රෝගය මර්දනය කිරීම පිණිස වසරකට රුපියල් මිලියන 640 ක මුදලක් වැය වූ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවෙන් මැලේරියා රෝගය තුරන් වූ බවට නිවේදනය කිරීමත් සමගම ලැබෙන විදේශ ආධාර මුදල්ප්‍රමාණය අඩුවී ඇති බව සිවරාමන් වෛද්‍යවරයා පැවසීය.
මේ තත්ත්වය නිසා රෝගය මර්දනය කිරීම සදහා දැන් වැය කළ යුතුව ඇත්තේ ශ්‍රී ලංකාවේ මුදල් නිසා ජනතාව මැලේරියා රෝගය පිළිබදව දැණුවත්ව සිටිය යුතු බවද කියා සිටියේය.

දිනසේන රතුගමගේ

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.