වතු කම්කරු උද්ඝෝෂණය අධිකරණ නියෝගයකින් නවතී

Hatton Statesවතුකම්කරුවන් වැඩි වැටුප් ඉල්ලා කළ උද්ඝෝෂණය හැටන් මහේස්ත්‍රාත් අධිකරණය මගින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරමින් ඊයේ ( 2) නවත්වනු ලැබීය.  මෙම උද්ඝෝෂණය ඊයේ (02) මස්කෙළිය නගරයේ පැවැත්වීමට උද්ඝෝෂකයන් පිරිසක් විසින් සැළැසුම්කර තිබිණි.

මෙම උද්ඝෝෂණය මගින් මස්කෙළිය නගරයේ ජන ජීවිතය අඩාල වීමට  හා දේපොළ වලට හානි සිදුවීමට ඉඩක් ඇති බවට මස්කෙළිය පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගෙන හැටන් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් එස් .රාජේන්ද්‍රන්   විසින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කරනු ලැබීය.

මෙම විරෝධතාවට එක්වීම සඳහා ඊයේ (02) මස්කෙළිය ලංකා කම්කරු කොංග්‍රස් කාර්යාලයට පැමිණ සිටි විශාල පිරිසකට අධිකරණ නියෝගය හේතුවෙන් ආපසු හැරී යාමට සිදු විය.  ඇතැම් පිරිස් මේ හේතුවෙන් නොසන්සුන් ලෙස හැසිරෙනු දක්නට ලැබිණි. මෙම විරෝධතාවට සහය දක්වනු පිණිස ඊයේ (02) පෙරවරුවේ මස්කෙළිය නගරයේ වෙළෙඳ සැල් වසා දමා තිබිණි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.