වන්නියලෑ ඇත්තන් ගේ දැනුම් පොජ්ජට ලක්ෂපති වරම්

wannilaaththoආදීවාසි  ඌරුවරිගේ වන්නියලෑ ඇත්තන් සිරස ලක්ෂපති වැඩසටහණේ රුපියල් තුන් ලක්ෂයේ ඉසව්ව කර   ලඟා වුනේ සම්මත දැනුමේ පිහිටන පොතේ ගුරුන්ට අභියෝගයක් වෙමිනි. තම කැකුලන් පිරිසක් සමඟ සිරස මැදිරියට වැඩි අපහසුවකින් තොරවප්‍රශ්න වලට පිළිතුරු දුන් වන්නියලෑ ඇත්තන් කියා සිටියේ දැනුම සෙවීම තමන් උපතින්ම ගෙන දෙයක් බවයි. ලැබෙන තෑගී මුදල තමන්ට තඹ දොයිතුවක් වටින්නේ නති නමුත් වැඩසටහන් ඔස්සේදැනුම හඹා යෑමට ලැබෙන අවස්ථාව අගය කළේය.

සොරබොර වැව ගැන ඇසු  විට ක්ෂණයකින් පිළිතුරු දුන්නේය. ආර් . එල් ස්පිට්ල් ආදිවාසීන් ගැන ලියු කියූ  දේ මැනවින් විග්‍රහ කළේය. එක්සත් ජාතීන්ගේ මානව හිම්කම් කාර්යාලය ස්ව්ට්සර්ලන්තයේ පිහිටා  ඇති බව කියා සිටිද්දී තමන් ජිනීවා නගරයට ගිය හැටි මතක් කළේය.

ආදීවාසි සියැට්ල් ගංගා වල ප්‍රභාමත් ලේඅස් ගලා යන දිය දහර සහ මුතුන් මිත්තන් අතර ඇති සබැඳීයාව පිළිබඳව විමසු විට ඔහුට පිළිතුර මුවට ගල ආවේ  නිතැනිනි.wanni3

නිර්මාංශික

වන්නියලෑ ඇත්තන් මස් කෑම අත්හල හැටිත්  කියා සිටියේය. එක් රාත්‍රියක කුරහන් හේනට වැදුන ඊරියකට වෙඩි තැබුවේය.පසුවදා උදේ බලන විට ඊරියගේ බඩේ පැටවුන් දාහතර දෙනෙකි. එදා ඒ ලැබූ කම්පනය හේතුවෙන් තමන් එදා පටන් නිර්මාන්ශිකයෙක් වූ බව වන්නියලෑ ඇත්තන්  කියා සිටියේ සංවේදී ලෙසිනි.

විශ්ව විද්‍යාලයට

ප්‍රශ්න විචාරක චන්දන සුරිය බණ්ඩාර කියා සිටියේ වන්නියලෑ ඇත්තන් විශ්ව විද්‍යාලයට   ගියේ නම් කුමක් වෙයිද යන්නයි. වන්නියලෑ ඇත්තන් සිනාසුනා  පමණි.සැබෑ පිළිතුර නම් එතුමන් බෝඩ් ලෑල්ලක් අල්ලා ගෙන උද්ගෝෂණ කීපයක් පවත්වා ඉන් අනතුරුව ආණ්ඩුවෙන් රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින්නෙක් බවට පත්වීමට ඉඩ තිබුන බවයි. දැන් ආදිවාසි නායකයා සියලු ප්‍රශ්න වලට පිළිතුරු දී මීළඟ පියවරට පිය තැබීමට සුදානම්ව  සිටී.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.