වහෙන් ඔරෝ අවශ්‍ය නැත

rani1අද අගමැතිවරයාගේ ජන්ම දිනයයි.

පළමු කොටම එතුමාට සුභ උපන් දිනයක් පතමු.

දෙවනුව උපන්දිනයෙදී මතක තබා ගත යුතු යමක් මතක් කිරීමට කැමැත්තෙමු.

රනිල් වික්‍රමසිංහ යනු හරවත් යමක් කිව හැකි දැක්මක් සහිත දෙෂ්පාලඥයෙකි.

ඔහුට වහෙන් ඔරෝ භාෂාව අවශ්‍ය නැත.

මෑතක දී පටන් අගමැතිතුමා වහෙන් ඔරෝ භාෂාවට මාරු වී ඇත.

එසේ කිරීමට අවශ්‍ය නැත.

අගමැතිවරයා ජනමාධ්‍යවේදීන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කල චෝදනා වලට ජනමාධ්‍යවේදීන් හට පාර්ලිමේන්තුවේ දී පිළිතුරු දීමට ඉඩක් ලැබුනේ නැත.

එමෙන්ම තවත් වහෙන් ඔරෝ සිදුවීමක් විය.එනම්

රනිල් වික්රමසිංහ අගමැතිතුමා රත්නපුර හිදැල්ලන ශ්‍රී මහා විහාරයේ ශ්‍රී සාක්‍යසිංහ සමාධි පිළිම වහන්සේගේ නේත්‍ර මංගල්‍යයෙදී එක ගලකින් කුරුල්ලන් දෙදනෙකුට පහර දුන්නේය.

පළමු ඉලක්කය වුයේ නායක ස්වාමීන්වහන්සේගේ ගුණ වර්ණනා කරමින් පැමිණ සිටියවුන් ප්‍රමෝදයට පත් කිරීමයි. වඩා වැදගත් වන්නේ දෙවෙනි ඉලක්කයයි.

අගමැතිවරයාට අනුව නායක ස්වාමීන්වහන්සේ වන්දනීය සංඝ පීත්රුවරයෙකුවන්නේ:

  1. අලි පැටව් විකුණා නැත.
  2. අනුන්ට අයත් කොළඹ පන්සල් බලහත්කාරයෙන් අයිතිකරගෙන නැත.
  3. මැණික් ව්‍යාපාර වලින් මුදල් උපයා නැත.
  4. ලා පැහැයක් ගන්න එංගලන්තයෙන් හෝ ප්‍රංශයෙන් හරි බෙහෙත් අරගෙ අව්වේ සිට නැත.

ප්‍රශ්නය වන්නේ රටේ අගමැතිතුමා මෙවැනි සිල්ලර කරුණු කිහිපයක් සම්බන්ධයෙන් වැදගත් ආගමික උත්සවයක් භාවිතා කිරීම කොතෙක් අර්ථවත්ද යන්නයි.මෙවැනි දෙයින් ඔප්පු වන්නේ අගමැතිතුමා මෑතක සිට වහෙන් ඔරෝ භාෂාවට මාරු වී ඇති බවයි.

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.