වාස්ට වැරදුනේ කොතැනද?

51d52c653816442d3201511271c07c60c64d60fශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ මරණීය දණ්ඩනයට ලක්වූ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිවරයා වාස් ගුණවර්ධනයි. එමෙන්ම තමන්ගේ පියා සමඟ හිරේ ලගින්නට ලැබීම පිළිබඳව තම සතුට උසාවියට දැන්වූ පළමුවැනියා වාස් පුත්‍රයාය.නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බලතල වල උදව්වෙන් අහිංසක තරුණයෙකුට පහරදී රිමාන්ඩ්  ගත වූයේ  වාස් බිරිඳයි. විදේශගතව සිටින අනෙක් වාස් පුත්‍රයා මුදල් මිටි රැසක් සමගින් පෙනී සිටිමින් තමන්ගේ බලපුළුවන්කාරකම ලොවටම පෙන්වා සිටියේය.

මේ අතින් වාස් පවුල සුවිශේෂි පවුලකි.

දැන් මේ පවුලේ අයට වැරදුනේ කෝටිපති වෙළෙන්දෙක්  වන  මොහොමඞ් සියාම්ගේ  බිස්නස් අවුලකට පැටලෙන්නට යෑමෙන් බව කෙනෙකුට තර්ක කල හැකිය.

නුගේගොඩ කන්දෙවත්ත පර අසළදී සියාම් පැහැර ගෙන යද්දී එම සුදුවීම අසල නිවසක CCTV එකක ස්ථාන වීම හේතුවෙන් වස් පිය පුතු සහ පිරිස කොටුවූ බව කෙනෙකුට තර්ක කල හැකිය.wasswife

වාස් ස් බිරිඳ කියා සිටියේ  නියෝජ්‍ය පොලිස් පතිවරයා එදා නිවසේ වෙසක් කුඩු අලවමින් සිටි බවත් පුතා පරිගනකයක් අලුත්වැඩියා කරමින් සිටි බවත්ය.

සමහරක් විට මේ කථාව උසවිය විසින් පිළිගෙන පිය පුතු ඇතුළු සහචර පිරිස බේරී යන්නටත් ඉඩ තිබිණ.

වස වැරැද්දක්

එහෙත් එය එසේ නොවුයේ වාස් වස වැරැද්දක් කර ගත්  හෙයිනි.

ඒ වස වැරද්ද නම් තමන්ට හිතුමතයේ බලය සමඟ සෙල්ලම් කිරීමට ඉඩ ලැබෙන්නේ තමන්ට ඉහළින් සිටින බලයට හිස නමන තෙක් බව අමතක කිරීමයි.

1981 වසරේදී ආධුනික උප පොලිස් පරීක්ෂකවරයකු  ලෙස  පොලිස් සේවයට බැදුණු වාස් නියෝජ්‍ය පොලිස්පති තනතුරට ආවේ අධිවේගී ගමනකිනි.

බලය සමඟ ගනුදෙනුවේ දක්ෂයෙක් වූ  වාස් රාජපක්ෂලා  සමඟ ගනුදෙනු කිරීමේදී වැඩ වරද්දා  ගත්තේය.

ඔහුම පවසා පරිදි  හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ඔහුට චෝදනා ගොනු කිරීමට මුල් විය.

වාස් බිරිඳ සහ පුතා ගෙන් පහර කා නිපුන
වාස් බිරිඳ සහ පුතා ගෙන් පහර කා නිපුන

රන් ජාවාරම පිටුපස ආර්යාවක් !

මෙයට මග පෑදුනේ  ජනරළ පුවත්පතේ පලවූ පුවතකි. රන් ජාවාරම පිටුපස ආර්යාවක් ! යන මැයින් පලවූ පුවතින් ඉඟි කෙරුනේ ශිරන්ති රාජපක්ෂ මේ ජාවාරමට සම්බන්ධ බව මතයක් පැතිර  ගියේය.

වාස් රකපෂවරුන් ගැන දන්නා තරම සහ ඒ නිසා තමන් සතු බලය පිළිබඳව කතා කරන අතරවාරේ ඔහුට මොහමඩ් සියාම් නඩුව ඇතුළු තවත් නීතිමය තොණ්ඩු හිරවෙන්නට විය.

 

බලයේ උල්පත

වාස් බලය ප්ර්හාර්ණය කලේ බලයේ උල්පත තමන් යැයි සිතාගෙනය.

ජන මාධ්‍යවේදීන්ට ඉතා කාරුණික ලෙස කතා කල වාස් තම අත්අඩංගුවේ සිටි සැකකරුවන් ආයුධ පෙන්වීමට කියා ගෙන  ගොස් ‘වෙඩි ත්බීම්ට සිදුවීමෙන්’ මිය ගිය විට ඊට පෙර ඒ පිළිබඳව ජනමාධ්‍ය වේදීන් දැනුවත් කිරීමට තරම් නිර්භීත විය.

ත්‍රිකුණාමලයේදී පස් හැවිරිදි වර්ෂා දැරිය ගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුව පත් සැකකරුවන් හතර දෙනෙක් සහ රත්නපුර කොටකෙතන මිනීමැරුම් සැකකරුවන් සම්බන්ධයෙන් මේ නිර්භීත ප්‍රකාශ නිකුත් විය. 

සුදු වෑන් ඉන්චාජ්

newwass

නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන තමන්  පුද්ගලයින් පැහැර ගන්නා සුදු වෑන් ඉන්චාජ් යැයි ප්‍රකාශ කල බව උසවියේදී අනාවරණය විය.

ව්‍යාපාරිකයෙක් වූ ප්‍රභාකරන් රාමසාමි අත්අඩංගුවට ගත්  පසු වාස් ගුණවර්ධන ඇතුළු පිරිසක් ඔහුට සැලකු අන්දමපිළිබඳව  ඉදිරිපත් වූ මුලික අය්ත්වසිකම් පෙත්සමේ එන කරුණු ඇඟ කිළි පොලන සුළුය.

දෙමටගොඩ සීසීඩීය විසින් රැඳවුම්භාරයට පත් කළ ප්‍රභාකරන් රාමසාමි එවකට ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී (එස්එස්පී) වාස් ගුනවර්ධන විසින් සීසීඩීයේ තුන් වන තට්ටුවේ කාමරයකට  රැගෙන ගොස් යකඩ පොල්ලකින් ඉතා ම්ලේච්ඡ අන්දමින් පහර දී ඇත. මේ අතර තවත් පොලිස් නිලධාරියෙක් කිසියම් දෙයකින් ඔහුගේ වම් කම්මුලට පහර දුන්නේ ය. අනතුරුව මිරිස් කුඩු සමග පෙට්රල් කවලම් කල පිරවූ සෙලෝපේන් කවරයකින් රාමසාමිගේ හිස ආවරනය කෙරුනු අතර මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ඔහු සිහිසුන්ව ඇද වැටින.

බලා පරාක්‍රමයෙන් විරාජමානව

ඉහළ හා සම්බන්ධකම් මනාව පත්වාගෙන ගිය තාක් කල් වාස්ට තම බලා පරාක්‍රමයෙන් විරාජමාන විය හැක විය. පොලිස් පතිවරයාට පවා සුදුසු අවස්ථාවක් එනතෙක් ඉවසිලිවන්ත වීමට සිදුවිය.

වාස් ඉහළ හා පැවැත්වූ සම්බන්ධතා පිපිරී යත්ම සියල්ල වනස් විය.

එහෙත් සියල්ල අවසන් නැත.කීප වතාවක්ම මරණයේ මුවවිටට ගොස් ඇති වාස් ලෙහෙසියෙන් පසු  බසින්නෙක් නොවේ.

රත්තරන් කථාව ඉස්තරම් ලෙසින් හෙළිදරව් කරන බව දැනටමත්  බිරිඳ හරහා කෙරුන විධිමත් පැමිණිල්ලකින් අනතුරු අඟවා ඇති වාස් මීලඟට කරන්නට යන දේ පිළිබඳව බොහෝ දෙනා විමසිල්ලෙන් බලා සිටිති.

වාස් ගුණවර්ධන උසාවියට දුන් ප්‍රකාශය

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.