වාස් ගුණවර්ධන සහ පුත් රවිඳුට මරණීය දණ්ඩනය

aed3bbe20151127c93aecd541bවාස්  ගුණවර්ධන සහ ඔහු ගේ පුත් රවිඳු ගුණවර්ධන හට මරණීය දණ්ඩනය නියම කොට ඇත

 

මේ දෙදෙනා ඇතුළු තවත් හතර දෙනෙකුට මරණීය දණ්ඩනය නියම කොට  ඇත්තේ ව්‍යාපාරික මොහොමඩ් සියාම් පැහැර  ගෙන් ගොස් මර දැමීම සම්බන්ධයෙනි.

2013 මැයි මාසයේ දොම්පේ ප්‍රදේශයේදී මේ මිනීමැරුම සිදුවී ඇත.

විත්තිකරුවන් හය දෙනාම පෝරකයට නියම කෙරුන මෙම නඩු විභාගය අති දීර්ග එකක් විය.

 

නඩුවේ තීන්දුව පිටු 802 ක් වන අතර . මෙය විශේෂ අධිකරණ කටයුත්තක් ලෙස සළකමින් ජුරි සභාවකින් තොර මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සැදුම්ලත් විශේෂ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස හිටපු නීතීපති පාලිත ප්රෙනාන්දු මහතා එවකට හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතාගෙන් කළ ඉල්ලීමකට අනුමැතිය ලැබීම නිසා පත් කළ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විභාග කෙරිණි.

මරණීය දණ්ඩනයට පෙර
මරණීය දණ්ඩනයට පෙර

කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය සහ අමේන්ද්‍ර සෙනෙවිරන්න මහාධිකරණ විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ලලිත් ජයසුරිය මහතා තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

දොම්පේ දී ඝාතනය

 

2013 අප්‍රේල් මස 04 වැනිදාත් මැයි මස 22 වැනිදාත් අතර කාලයේ  කොළඔදී මෙහොමඩ් ෆවුස්ඩීන් සහ ක්‍රිෂාන්ත කෝරළගේ  සමඟ එක්ව මොහොමඩ් සියාම් නමැත්තා වාස්  ගුණවර්ධන සහ ඔහු ගේ පුත් රවිඳු ගුණවර්ධන හට මරණීය දණ්ඩනය කරන ලදැයි  සියලු විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.

ඒ අනුව මොහෙමඩ් සියාම් නමැත්තා පැහැරගෙන ගොස් දොම්පේ දී ඝාතනය කළැයි  2 සිට 6 දක්වා විත්තිකරුවන්ට එරෙහිවද , ඔවුන්ට ආධාර හා අනුබල දුන්නැයි  වාස් ගුණවර්ධන මහතාට එරෙහිවද නීතීපතිවරයා විසින් වැඩිදුරටත් චෝදනා නඟා තිබිණි.

හිටපු උප පොලිස් පරිකෂක ලක්මිණ ඉන්දික බමුණුසිංහ, හිටපු කොස්තාපල්වරුන් වන (51799) ගාමිණී  අතපත්තු සනත්චනද්‍ර,(68656) ආනන්ද පතිරගේ ප්‍රියන්ත සංජීව,(61816) කැලූම් රංගන දිසානායක සෙසු වැරදිකරුවෝ ය.

මරණීය දණ්ඩනයට පසු
මරණීය දණ්ඩනයට පසු

 

 

සියාම් ඝාතන පරීක්ෂණ රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරි ශානී අබේසේකර,  ප්‍රධාන පොලිස් පරිකෂක රංජිත් මුණසිංහ,  උප පොලිස් පරිකෂක උපාලි බණ්ඩාර ඇතුළු කණ්ඩායමක් සිදු කළහ.

 

 

 

මොහොමඩ් සියාම් පවුලේ උදවිය
මොහොමඩ් සියාම් පවුලේ උදවිය

Former DIG, Vass Gunawardena, his son Ravindu Gunawardena, and four other accused have been sentenced to death by the Colombo High Court after being found guilty of murder.

All six accused were found guilty by a three judge bench at a Trial-At-Bar of abducting and murdering businessman Mohammed Shiyam.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.