වැලි අරගලයට කාදිනල් මැල්කම් රංජිත් එක්වෙයි

Malcolm Ranjithකොළඹ නගරයේ ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා මේ දිනවල සිදුවන මහා පරිමාණ මුහුදු වැලි ගොඩ දැමීමේ වැඩපිළිවෙල නිසා මීගමුව සහ දික්ඕවිට අතර ඇති මුහුදු වෙරළ තීරයටත් ඉන් ඔබ්බට සිදුවිය හැකි විනාශය පිළිබඳව කාදිනල් වරයා රජයට අනතුරු අගවා සිටී.  ඔහු කියා සිටින්නේ මේ පරිසර විනාශය නිසා මේ ප‍්‍රදේශයේ ධිවර ජනතාව මහත් කනස්සල්ලෙන් පසුවන බවයි.

වැලි ගොඩදැමීම සිදුවන ප‍්‍රදේශවලට වන පාරිසරික හානිය පමණක් නොව මේ ප‍්‍රදේශයේ ධිවර ජනතාවගේ ජීවනෝපායටද හානි සිදුවිය හැකි බව කාදිනල් මැල්කම් රංජිත් පෙන්වා දෙයි. මේ පිළිබඳව එතුමන් ජනාධිපතිතුමන් සහ අග‍්‍රාමත්‍යවරයාගෙන් ඉල්ලා සිටින්නේ දැනට කොළඹ දකුණු ප‍්‍රදේශයේ මුහුදු ඛාදනය සිදුවෙමින් පවතින නිසා මේ වැලි ගොඩදැමීම පිළිබඳ නිසි පරිසර අධ්‍යයන වාර්තාවක් සකසන ලෙසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.