විග්නේශ්වරන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක්

cv-wigneswaranතමන්ව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණ  සැලැස්මක් ක්‍රියාත්මක වෙමින්තිබෙන බව උතුරු පළාතේ මහඇමති C.V. විග්නේශ්වරන් කියා සිටියි. තමන්ව මරා  දමා  ඉන් අනතුරුව එහි වරද LTTE ය පිට පැටවීම  කුමන්ත්‍රණ කරුවන්ගේ සැලැස්ම බවයි මහඇමතිවරයා පවසන්නේ. හිටපු විශ්ව විද්‍යාලිය කතිකාචාර්ය  වරයෙක් වන එම්. තිරුනාවුකරසු පල කල ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව නමැති  කෘතියකට සුභපැතුම් පණිවුඩයක් යවමින් මහා ඇමතිවරයා මෙසේ කියා සිටියා. තමන් උතුරේ බෞද්ධ සිද්ධස්ථාන  ගොඩ නැංවිය නොයුතු බව කිසි විටක ප්‍රකාශ නොකළ අතර තමන් කියා සිටියේ  හුදෙක් හිතුමතේට සිද්ධස්ථාන ගොඩනැගීම නොකළ යුතු බවයි. ව්‍යාජ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් තමන්ට එරෙහිව දැන් වෛරසහගත ප්‍රචාරණ ව්‍යාපාරයක් දකුණේ ක්‍රියාත්මක වෙමින් තිබෙන බවයි  මහා ඇමතිවරයා කියා තිබෙන්නේ. තමන් කිසි විටෙකත් උතුරේ සිංහලයින්ට පදිංචි වීමට ඉඩ නොදිය යුතු බව නොපැවසූ බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. දෙමල ජනතාවගේ සාධාරණ  දුක් වේදනා ඉදිරිපත් කිරීමේ වගකීම තමන් සතුව පවතින බවත් ඒ සම්බන්දයෙන් තමන් ක්‍රියාත්මක වන බවත් මහඇමතිවරයා කියා තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.