විජේවීර කසාද බැඳ හැටි

 

_78944549_cheE

 

 

 

මේ ලියෑවෙන්නේ ප්‍රේමයේ මධුරතම හෝරාව ගැන පරිච්ඡේදයකි. තොදොල් බස්‌, මවාගත් තරහ, කැමැත්තෙන්ම ඇති කරගත් සීමා, හාදු සහ ආදර අරියාදු, ඒ ප්‍රේමයේ සනිටුහන් වී නොතිබුණාට, එය ඇයගේ ජීවිතය, නවමු මං පෙතකට ගෙන ගියාය. සුන්දර බිරිඳ චරිතය සඳහා පණ පොවන්නට ඇය පුල පුලා බලා සිටියාය. සංසාරාරණ්‍යයේ දඩයක්‌කාරයා නවකතාවේ එන බෙරකාරයාගේ දුවගේ චරිතයට ඇය නොදැනීම පණ දෙමින් සිටියා සේය. දඩයක්‌කාරයා විසින් ඇය බේරාගත්තද, ඇය බැඳ තිබූ වරපට ඔහු විසින් නොගැලුවේ, ඇය කෙරෙහි ඔහු තිබූ නොමනාපයක්‌ නිසා නොවේ. බෙරය තුළට වී ජීවිතය ගෙවන ඇය, රෑ දහවල ගැන වැඩි තැකීමක නොසිටියා සේය. ඇය සතු එකම ගැලවීම දඩයක්‌කාරයා පමණක්‌ම විය. ස්‌ත්‍රීය සදාකාලිකව වෙලා තබන වරපට ඇය වටා සාමාන්‍ය බව ඉක්‌මවා වෙලී තිබුණා සේය.

“කන්ද පාමුල දී ප්‍රශ්නයක්‌ නැඟුණේය. ඔහු අඩිය තබනා ඕනෑම පැත්තකට අඩිය තබන්නට සුදානමින් බෙරකාරයාගේ දුව බලා සිටියාය. ඔහු කන්ද නගින්නට සුදානම් වූ විගස ඇයද කන්ද තරණය කිරීම ආරම්භ කරන බව ඔහු දැන ගත්තේය…” දඩයක්‌කාරයාගේ සිතුවිල්ල සේම විඡේවීරයන් ද ඇය පිළිබඳ සිතන්නට ඇත. චන්ද්‍ර අයියා හෙවත් දොස්‌තර චන්ද්‍ර ප්‍රනාන්දු විසින් සිය මතු බලාපොරොත්තුව සදහා විඡේවීරයන්ගේ කැමැත්ත මතින් සිය නැඟණිය, ඇයට නොසරිලන වරපටකින් බැඳ දැම්මා සේය. කලක්‌ යන විට වහලා සිය මාංචුවට ආදරය කරන්නා සේ ඇය ද ” මේ ජීවිතයට” මුළු හදින්ම පෙම් කරන්නට පටන් ගත්තාය. ” බේරා ගැනීම” යන අලුත් සිර ගෙයට ඇය නොදැනීම ගාල් වී සිටියාය.

“විප්ලවය කියන්නේ රාත්‍රී භෝජන සංග්‍රහයක්‌වත්, වාක්‍ය රචනාවක්‌වත්, සිතුවමක්‌ පින්තාරු කිරීමක්‌වත්, විසිතුරු මැස්‌මක්‌, ගෙත්තම් කිරීමක්‌වත් නොවේ. එය එතරම් විවේකි, සුවිනීත, කොමල, සෞම්‍ය, කාරුණික, ආචාරශීලි, සංවර සහ සත්ගුණවත් භාවිතාවක්‌ නොවේ. විප්ලවය යනු කැරලි ගැසීමකි. අරගලයකි. එය පන්තියක්‌ විසින් තවත් පන්තියක්‌ පෙරලා දමන ප්‍රචණ්‌ඩ ක්‍රියාවකි” යෑයි, 1927 වසරේ මාර්තුවේදී, මාවෝ සේතුං විසින් හුනාන් පළාතේ ගොවි ව්‍යාපාර අරභයා කරන ලද විමසා බැලීමකදී සඳහන් කළේය. විඡේවීරයන් ගමන් කරනුqයේ ඒ දුෂ්කර මාවතේය. එහි එක්‌ තැනකදී, ඔහුට ප්‍රේමය සහ විවාහය හමු වී තිබේ.
rohana-w-familyE
මෙය, දෙදෙනකුගේ ආදරයක්‌ හෝ විවාහයක්‌ ලෙස පමණක්‌ භාර ගැනීමට නොහැකි නායකයාගේ අනුගාමික පිරිසටද මේ කතාවේ වැදගත් චරිතයක්‌ හිමි විය යුතුය. ඔහුගේ සියල්ල නිවැරදිය යන මතයේ සහ භාවිතයේ සිටින අනුගාමික පිරිස මේ විවාහය දකිනුයේ කෙලෙසද…? ඔවුන් එය කෙසේ භාර ගනීද…?

මේ පිළිබඳ සදහනක්‌, ජවිපෙ සැගවුණු ඉතිහාසයෙන් බිඳක්‌ යන රෝහිත මුණසිංහගේ ග්‍රන්ථයේ සඳහන්ය.

“මෙන්න ඔබගේ නායකයා කසාද බැඳලා…”

මහමගදී හමු වූ, මා හඳුනන ඉංග්‍රීසි ගුරුවරයෙකු ඔහු අත වූ ඩේලි නිව්ස්‌ ඉංග්‍රීසි පත්තරය මා අත තැබීය. එහි මුල් පිටුවේම වම් පස තීරුවක පළවී තිබුණේ, රෝහණ විඡේවීර සහෝදරයා විවාහ වූ පුවතේ කෙටි විස්‌තරයකි. මට ඇති වූ වේදනාත්මක විමතිය , ඔහුගෙන් සඟවා ගන්නට මම සමත් වීමි. වේදනාව සහ විමතිය, රජයේ පුවත් පතකින් එය දැනගන්නා තුරු මා එය නොදැන සිටීමය. නැතහොත් රෝහණ සහෝදරයා විවාහවීම සතුටු විය යුතු, මංගල කාරණයකි. මා එවිට ආසනයේ පුර්ණ කාලීන සාමාජිකයෙකු මිස ආසන සංවිධායකවරයෙකු නොවේ. නගරයේ සමුද්‍ර මාවතට ආසන්නයේම වූ පක්‌ෂයක කාර්යාලයට ගිය මා, වැලිගම ආසනයේ සංවිධායක සොහොයුරා වූ නෙත්තිකුමාරට ආරංචිය පැවසීමි. නෙත්තිගේ මුහුණ දුක්‌ මුසු කනස්‌සල්ලක්‌” බවකට හැරිණි.

“ලොක්‌කා බැන්ද එක නම් හොඳයි මහත්තයෝ… ඒත්, කමිටු හරහා අපිටත් දන්වලා වැඩේ කරා නම් තමයි වටින්නේ…” නෙත්ති පැවසුවේ එසේය.

සැබවින්ම පක්‌ෂයට එසේ කළ හැකිව තිබුණි. රෝහණ විඡේවීර යනු පක්‌ෂයේ සැවොම මුළු හදින්ම ආදරය කළ අපගේ ලොකු අයියාය. පක්‌ෂයේ අපට සිටි වටිනාම වස්‌තුවය. ඔහුගේ ජීවිතයේ වටිනාම අවස්‌ථාවක්‌ අපත් දැන සිටියා නම් කොතරම් අගේද…? මානුෂික හැඟීම් වලට අධි සංවේදී වන පක්‌ෂය , පක්‌ෂ සාමාජිකයන්ගේ හැඟීම්වලට අසංවේදී වන බවත් නොසැලකිලිමත් ඉඳහිට හෝ මේ ලෙස තිබිණ. ”
jvp (97)
මේ සාම්පලය මගින් කියාපාන්නේ, සිය නායකයාගේ විවාහය තමන් නොදැන සිටීම සහ එහි දේශපාලනය, පක්‌ෂය විසින් තමනට පුර්වයෙන් තේරුම් කර නොදීම නිසා සාමාජිකයන් පත්ව සිටි විපිලිසර භාවයය.

එපමණක්‌ නොව නායකයාගේ විවාහය පිළිබඳ පක්‌ෂයේ සාමාජිකයන්ගේ පුර්ව කතනයක්‌ද තිබුණා විය හැකිය.

“මම හිතාගෙන හිටියේ, රෝහණ සහෝදරයා පක්‌ෂයේම සහෝදරියක්‌ කසාද බඳිවිය කියලයි…’71 දී පොලිසිවලදී අනාථ වෙච්ච සහෝදරියක්‌ බැන්ඳ නම් හොද නැද්ද…? යෑයි රෝහිත විසින් පක්‌ෂයේ දිස්‌ත්‍රික්‌ ලේකම් මුණසිංහගෙන් විමසා විමසා ඇත්තේ, විඡේවීරයන්ගේ විවාහයෙන් ටික දිනකට පසුවය. ඒ සදහා දිස්‌ත්‍රික්‌ ලේකම් මුණසිංහ සහෝදරයා දී තිබුණ පිළිතුර රෝහිත විසින් සිය ග්‍රන්ථයේ ඇතුළත් කර තිබේ.
දා
“තමන්ගේ බිරිඳ වෙන්නේ කවුද කියන එක රෝහණ සහෝදරයා තීරණය කරනවා මිසක, පක්‌ෂයට ඒ ගැන යෝජනාවක්‌ හෝ බල කිරීමක්‌ කරන්න බෑ. ඒත් ඒ සහෝදරියගේ පැත්තෙන් විවාහ යෝජනාවක්‌ ඉදිරිපත් වුණහම රෝහණ සහෝදරයා ඒක පක්‌ෂයට ඉදිරිපත් කළා. රෝහණ සහෝදරයාගේ අසනීප තත්ත්වය නිසා නිතර ළඟින් ඉඳගෙන හොයා බලන කෙනෙක්‌ගේ අවශ්‍යතාව තිබුණා.

ඊළඟට රෝහණ සහෝදරයාගේ උගත්කම, දැනුම, අනුවත්, ඔහු දරන වගකීම් අනුවත් ඒ සහෝදරි ගැලපෙන බව පක්‌ෂයට ඒත්තු ගියා. ඔය සමහර පච පත්තර අවලාද ගැහුවාට ඒ පවුල සල්ලිකාර පවුලක්‌ නෙවි.”

පක්‌ෂයේ කාඩරයන් මේ ලෙස විඡේවීරයන්ගේ විවාහය පිළිබඳ සංවාදයේ යෙදී සිටින විට, ඇය අලුත් ජීවිතයේ අරුත සොයමින් සිටියාය.

පොතෙන් ඉඳහිටත්, මගතොටේදී බොහෝවිටත්, හමුවෙන ස්‌ත්‍රී වලපේ තවත් කතාවක්‌ ඇය කියන්නී, වරක විශ්මයෙනි. වරක සිනාසෙමිනි. තවත් වරක හැඬූ කඳුළෙනි. විහාර මහා දේවි උද්‍යානයේදී එක්‌තරා දහවලක ඇය හමුවන විට, ඇයගේ දෙකකුලම සැත්කමකට ලක්‌ කර තිබුණි. වැහි බිරුම දහවල ද පරදවා එබිකම් පා සිටි නිසා ෂොපින් කවර යුගලයක්‌ ඇයගේ රෝගී දෙපා අරක්‌ෂා කිරීම සඳහා වෙලී තිබුණි. ඒ සියල්ල මැද්දේ ජීවිතයේ දහිරිය අතරින් ඇය සිය කතාව කියාපාන්නීය.

“බැඳලා අපි මුලින්ම ගියේ අනුරාධපුරයේ. ඒ යනකොට චන්ද්‍ර අයියයි එයාගේ නෝනා නීලා අක්‌කයි අපිත් එක්‌ක ආවා. රෝහණ තමයි, ඒ අයට එන්න කිව්වේ. අපි පක්‌ෂෙ කාර් එකෙන් ගියේ. පහුවදා අපේ ගෙදර අම්මලා, ඔක්‌කොම අනුරාධපුරයට ආවා. එදා අපි කට්‌ටියම අටමස්‌ථානය බලන්න එහෙම ගියා. අනුරාධපුරයේ දී සිසිර රන්දෙනියගේ ගෙදර ගිහිල්ලා කෑම කෑවා. ඒ වෙනකොට රට පුරාම රැස්‌වීම් මාලාවක්‌ තියන්න, ජවිපෙ පටන් ගෙන තිබුණා. අනුරාධපුරේ ඉඳලා, රෝහණ ගියේ ඒවාට. ඒ යනකොට මාවත් ඒ සේරටම එක්‌කගෙන ගියා. ඒ යනකොට කෑම කන්න යන්නේ පක්‌ෂයේ සහෝදරයන්ගේ ගෙවල් වලට. එතකොට මේ ඉන්නේ මගේ නෝනා කියලා ඔක්‌කොටම මාව හොඳට අඳුනවලා දෙනවා. ඒ යනකොට මාතර ගාල්ල වගේ රටේ හැම පළාතකම එක්‌කගෙන යනවා. “මේ රැස්‌වීම් මාලාව මාතරට පැමිණි මොහොතේ සිය සදාදරණීය නායකයා ප්‍රිය බිරිඳ සමඟ පැමිණෙන ආකාරය, ජවිපෙ කාර්ඩර්වරුන්ට දැක ගන්නට ලැබුණි. ඒ පිළිsබඳව ඔවුන්ගේ මතිමතාන්තර පිළිබඳ විස්‌තර කථනයක්‌ රෝහිත මුණසිංහ සිය පොතේ පළ කර තිබේ.

 

Rohana Wijeweera JVPE
මුල් දවස්‌වල මට රෝහණ කොයි වගේ කෙනෙක්‌ද කියලා අවබෝධ කරගන්න බැරි වුණා. අපි දෙන්නා එකිනෙකාට අඳුනගන්නවත් වෙලාවක්‌ තිබුණේ නැහැ. ඒ වගේම රෝහණ මාත් එක්‌ක තනියම කාලය ගත නොකරපු තරම්. මම හැමවෙලේම හිනා වෙලා, විනෝදයෙන් ඉන්න කෙනෙක්‌. රෝහණ ඒකට කැමැති වුණේ නැහැ. අලුත බැඳපු අය ඉන්න, විනෝද බර ජීවිතයක්‌ අපිට තිබුණේ නැහැ. එයාට වයසත් තිස්‌ හයක්‌ නිසා එහෙම මුඩ් එකක හිටියෙත් නැහැ කියන්න පුළුවන්. කොහොමටත් එයා විහිලුවක්‌වත් කරන චරිතයක්‌ නෙමෙයි. පිට අයත් එක්‌ක නම් හොඳට විහිළු කරනවා. හරියට විදුහල්පතිතුමයි, ශිෂ්‍යාවයි වගේ තමයි, අපේ ජීවිතය මුල් කාලයේදීම ගත වුණේ. එයා මට ශ්‍රීමතී කියලා කතා කරනවා මිසක්‌ ආදර බර වචනයෙන් කතා කරන කෙනෙක්‌ නෙමෙයි.

තමන්ට සිටින ප්‍රතිවාදී දෙදෙනාගෙන් වඩා දුර්වල ප්‍රතිවාදියාට, පළමුව පහර දී පසුව, අනෙක්‌ ප්‍රතිවාදියාට පහරදීමේ න්‍යාය අනුගමනය කළ ජ.වි.පෙ. “ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ගමනක අවසානය” යන මැයෙන් වූ දේශන මාලාවක්‌ රට පුරා පැවැත්වීමට තීරණය කළේය. විඡේවීර සහෝදරයා විසින් පවත්වන මෙම දේශන මාලාව ඔහුගේ චතුර හා මුඛරි කථිකත්වය නිසාත්, ඉදිරිපත් කරන ලද කරුණු නිසාත් අති සාර්ථක විය. විඡේවීර සහෝදරයාගේ විවාහය සිදුවූයේ ද මෙම දේශනය රට වටා පවත්වමින් සිටි කාලයේදීමය.

“ශ්‍රී ලනිපයේ ගමන අවසානයක මාතරදී පවත්වන ලද්දේ උයන්වත්තේ ක්‍රීඩාංගණයේ ප්‍රසිද්ධ වේදිකාවකදීය. විඡේවීර සහෝදරයා විවාහව වී සතියක්‌ වත් ඇති නැති තරම් වූ කාලයේදී ඔහු දේශනයට පැමිණියේ සිය මනාලිය ද කැටුවය. රෝහණ සහෝදරයා වේදිකාව මත නැඟී දේශනය පවත්වාගෙන යද්දී චිත්‍රාංගනී විඡේවීර සහෝදරිය, පක්‍ෂයේ අනෙකුත් සහෝදරියන් අතරට වී අභිනය පාමින්, වක්‌කඩක්‌ කැඩුවාක්‌ මෙන් වචන දොaරේ ගලා යවමින්, හාස්‍ය රසය හා උපහාස රසය කුළුගන්වමින් කතා කරන සිය සැමියා දෙස නෙත් දල්වා බලා උන්නීය.

චිත්‍රාංගනී සහෝදරිය වටා සිටි පක්‍ෂයේ සහෝදරියන් සියලුම දෙනා ඇඳගෙන හිටියේ සාය හැට්‌ටය හෝ ගවුම් ය. බොහෝ විට ඒවා චීත්ත රෙදිවලින් මසන ලද චාම් ඇඳුම් විය. දෙකන් පෙතිවල වූ කරාබු ජෝඩුවක්‌ හැරෙන්නට ඔවුන් කිසිවකු වෙනත් රන් අබරණ පැළඳ සිටියේ ද නැත.

මංගල සාරියකින් සැරසී සිටි චිත්‍රාංගනී සහෝදරියගේ දෙඅත, කනකර, රන් ආභරණවලින් සැරසී තිබිණ. ඇය පරිවාර ළඳුන් අතර සිටින සිටු කුමරියක සේ පක්‍ෂයේ සහෝදරියන් මැද කැපී පෙනුණා ය. මගේ සිතට ශෝකයක්‌ ගලා එන්නට විය. ඒ ශෝකය හේමක්‌කා, ලීලා, ප්‍රසාදිකා, චාන්දනී, ගමගේ නංගී, හේවගේ නංගී, රමණී වැනි සහෝදරියන් ගැන උපන්නකි. ගැහැනුන් ස්‌වභාවයෙන් රන් ආභරණවලට ආශා ඇත්තෝය. මෙම සහෝදරියන් එම ස්‌වාභාවික ගැහැනු ආශාව යටපත් කරගෙන ඇත. කනකර පාළුවට තබාගෙන සිටින්නේ වැර වෑයමෙන් හදාගත් සිතින් විය යුතුය. ප්‍රසිද්ධ රැස්‌වීම් අමතන රෝහණ සොයුරා රැස්‌ව සිsටින ජනතාවගෙන් ආධාර ඉල්ලා සිටින විට කනකර අබරණ ගලවා පරිත්‍යාග කරන කාන්තාවන් මම දැක ඇත්තෙමි. ඉදින් එම මොහොතේ මා සිතමින් උන්නේ තමන්ගේ ආදරණීය නායක සොයුරාගේ බිරිඳ ගැන පක්‍ෂයේ සහෝදරියන් කුමක්‌ සිතමින් සිටින්නේද යන වගය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.