විදේශගත ලාංකිකයින්ට ජන්ද අයිතිය දෙන්න-ජවිපෙ

sunilh

විදේශගත ලාංකිකයින්ට ඡන්ද අයිතිය නැති නිසා ඔවුන්ගේ ගැටලු ගැන දේශපාලකයින්ගේ අවධානය නැතිවෙලා…

 

“විදේශගත ශ‍්‍රී ලාංකිකයින්ට ඔවුන්ටම ආවේනික ප‍්‍රශ්න ගණනාවක් තිබෙනවා. නමුත් විදේශගත ශී‍්‍ර ලාංකිකයින්ගේ ගැටලු ගැන කතා කිරීම මෙරට දේශපාලනඥයින්ට වැදගත් නැහැ. එයට හේතුව වී තිබෙන්නේ විදේශගත ශ‍්‍රමිකයින්ට ඡන්ද අයිතිය නොමැතිකමයි.

 

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා  බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී

 

“විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබාගැනීම සඳහා එතෙර අපි සංවිධානය මූලික වෙලා ජනතා විමුක්ති පෙරමුණ මගින් පාර්ලිමේන්තුවට විශේෂ යෝජනාවක් ඉදිරිපත් කළා මූලික නීතිමය කරුණු සම්පාදනය කිරීමට විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කරන්න කියලා. එම යෝජනාවට මන්තී‍්‍රවරුන් 23ක් අත්සන් කළා. යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙනවා. මෙම විශේෂ පාර්ලිමේන්තු කාරක සභාව සඳහා එජාප, ශී‍්‍රලනිප, දෙමළ සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ සහාය ලබාගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.