විදේශගත ශ්‍රී ලාංකිකයන්ටත් ඡන්දය ?

Voteවිදේශගත ශ්‍රී ලාංකිකයන් හට ඉදිරි මැතිවරණවල දී ඡන්දය පාවිච්චි කිරිමට ඉඩ ක ඉඩකඩ සලසා දිය හැකිද යන්න සොයා බැලිම වෙනුවෙන් විදේශ රැකියා හා සුබ සාධන ඇමති තලතා අතුකෝරලගේ සභාපතිත්වයෙන් යුතු තේරිම් කාරක සභාවක් පත් කළ බව කතානායක කරු ජයසූරිය විසින් පාර්ලිමේන්තුවේදි ඊයේ (17) නිවේදනය කළේය. තේරිම් කාරක සභාව සභාපති ඇතුළු සාමාජිකයන් 21 දෙනෙකුගෙන් සමන්විත වේ.

අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ, ෆයිසාල් කාසිම්, හර්ෂ ද සිල්වා, රන්ජන් රාමනායක, මන්ත්‍රිවරුන් වන ඩග්ලස් දේවානන්ද, ගාමිණි ලොකුගේ, මහින්ද යාපා අබේවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, සුනිල් හදුන්නෙත්ති, බිමල් රත්නායක, ජේ.සි අලවතුවල, එස්. ශ්‍රීතරන්, එම්.ඒ. සුමන්තිරන්, අරවින්ද් කුමාර්, නාලක ප්‍රසාද් කොලොන්නේ, චන්දිම ගමගේ, මජිබර් රහුමාන් හා ඥාණමුත්තු ශ්‍රීනේෂන් යන අය සෙසු සාමාජිකයන් ලෙස පත් කර තිබේ.

විදේශගත ශ්‍රමිකයන් හට ඉදිරි මැතිවරණවල දී ඡන්දය පාවිච්චි කිරිමට ඇති ඉඩකඩ සලසාදීමේ සහ ඊට අනුෂංගික කරුණු විමර්ශනය කර පියවර නිර්දේශ කොට වාර්තා කිරිම සඳහා මෙම කාරක සභාව පත් කළ බවද කතානායකවරයා නිවේදනය කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.