විමල් කුමාර ද කොස්තා දැයෙන් සමු ගනී

Wimal Kumara De Costaප්‍රවීණ රංගන ශිල්පී විමල් කුමාර ද කොස්තා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහු 68 වැනි වියේ පසුවූ ඒ මහතා කලක සිට අසනීප තත්වයෙන් පසු විය. සිංහල සිනමාව මෙන්ම ටෙලි නාට්‍ය කලාවද ජයගත් දක්ෂ චරිතාංග නළුවෙකු ද විය.

එයා දැන් ලොකු ළමයෙක්, මරුවා සමග වාසේ, බඹරු ඇවිත්, සාගරිකා, එක්ටැම් ගේ, අහස් ගව්ව, සරුංගලය යන චිත්‍රපට වලට දායක වෙමින් ඔහු විශිෂ්ට රංගන ප්‍රතිභාවක් නිරූපණය කළ විමල් කුමාර ද කොස්තා මහතා ආටක නාටක, හංස දඩයම, විසුල අහස යට, ගිගිරි වළලු වැනි ටෙලිනාට්‍ය තුලින් පුංචි තීරයේද නොමැකෙන මතක සටහන් තැබුවේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.