විමල් නිවසේ අභිරහස් මරණය සැකයි…………

lahiruකොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස්‌ පෙරමුණ නායක විමල් වීරවංශ මහතාගේ හෝකන්දර මංගල මාවතේ පිහිටි නිවස තුළ නින්දේ පසු වූ තරුණයකු වන 24 හැවිරිදි ලහිරු ජනිත් දිසානායක යන අයගේ මරණය සැක සහිත බවට ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂකවරයා විසින් පවත්වන ලද මරණ පරීක්‍ෂණයෙන් තීන්දු  වී ඇත.

මියගිය අයගේ නාසයෙන් රුධිරය වහනය වී ඇති බාහිර සලකුණු කිහිපයක්‌ දක්‌නට ඇති නිසා ඔහුගේ මරණය සැක සහිත බව නිගමනය කළ මරණ පරීක්‍ෂකවරයා විවෘත තීන්දුවක්‌ ප්‍රකාශයට පත් කරමින් ඒ සම්බන්ධයෙන් කඩුවෙල මහෙස්‌ත්‍රාත්වරයා වෙත වාර්තා කිරීමට පොලිසියට නියෝග කර තිබිණ.

පුතා  ගේ මිතුරෙක්

මියගිය ලහිරු ජනිත් යන තරුණයා විමල් වීරවංශ මහතාගේ පුත් විභූති විශ්වජිත් වීරවංශ යන අයගේ මිතුරකු බවට හඳුනා ගෙන තිබේ. පසුගිය 25 දා රාත්‍රී එම තරුණයා විමල් වීරවංශ මහතාගේ පුත්‍රයා ඇතුළු තවත් තරුණයන් තිදෙනකු සමඟ රූපවාහිනිය නරඹමින් සිට නින්දට ගොස්‌ ඇති බවත්, මියගිය තරුණයා එම නිවසේ සාලයක තනිව නින්දේ සිට ඇති බවත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වී ඇත. පසුදා උදේ ඔහු අවදි කිරීමට ගිය අවස්‌ථාවේ, එම තරුණයා කිසිවක්‌ කතා නොකර ඇති අතර ඒ මොහොතේම ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරන විටත් මියගොස්‌ සිටි බවට හදිසි මරණ පරීක්‍ෂක ඩබ්ලිව්. සී. ටී. ගලගෙදර මහතා හමුවේ පැවැති මරණ පරීක්‍ෂණයේදී ප්‍රකාශ වී තිබේ.

“දන්නෑ පොලිස් මෝටම් එකෙන් තමයි තීරණය වෙන්නෙ මගේ දරුවට මොකද වුනේ කියලා.මගේ දරුව හොඳට ගෙදරින් ගියා එච්චරයි මට කියන්න තියෙන්නෙ.මට දැන් ළමය නැතිවෙච්ච එක විතරයි වුනේ.“ යැයි ලහිරු ගේ මව පැවසු අතර දැන් සිරුරු කොටස් විමර්ශන වලට යවා ඇති හෙයින්යට කුමක් සිදුවුයේ දැයි දැනගැනීමට  තවක් කලක් ගත වෙනු ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.