විල්ගමුව ශිෂ්‍යත්ව විභාග සිද්ධිය ටියුෂන් ගුරුවරයෙකුගේ කුමන්ත්‍රණයක්…

5මාතලේ විල්ගමුව අධ්‍යාපන කලාපයේ නුගගොල්ල ප්‍රාථමික විදුහලේදී ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් පිරිසකට අසාධාරණයක් සිදුවූයේයැයි කියන සිද්ධිය පාසලේම අමිල නැමැති ටියුෂන් ගුරුවරයෙකුගේ කුමන්ත්‍රණයක් බවට තොරතුරු ලැබී ඇතැයි පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචිමාර්ග කියයි.

විභාග මධ්‍යස්ථානයට පිටස්තර පුද්ගලයින්ට ඇතුලුවීම සපුරා තහනම් තිබියදීත් එම ගුරුවරයා මධ්‍යස්ථානයේ සිට ඇති අතර ප්‍රශ්න පත්‍ර දෙක අතර  විවේක කාලයේදි දරුවන්ට සිදුවූයේ යැයි කියන අසාධාරණය සම්බන්ධයෙන් දෙමව්පියන්ට තොරුතුරු දන්වා සියලුම මාධ්‍ය නියෝජිතයන්ව විභාග මධ්‍යස්ථාන ගේට්ටුව අසලට ගෙනඒමට කටයුතු කර තිබේ.

මෙම පාසලද ඇතුළුව අවට පාසල් 7 ක සිසුන් අදාල විභාග ශාලාවේ විභාගයට පෙනී සිට ඇති අතර තමන්ට කිසිදු ගැටලුවක් ඇති නොවූ බව එම පාසල් 7 ම සිසුන් ලිඛිතව කලාප අධ්‍යාපන කාර්යාලයට ප්‍රකාශ කර ඇත.

විභාගය පැවැත්වෙමින් තිබියදී සිද්ධිය සැලවීමත් සමග විලගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සිදත් විපුලරත්න එම ස්ථානයට පැමිණ ඇත. විභාගය අවසන් වීමෙන් පසු සිදත් විපුලරත්නගේ විමසීමට දරුවන් ප්‍රකාශ් කර ඇත්තේ තමන් නියමිත කාලය පුරාම විභාගයට පිළිතුරු ලියූ බවය.

එහෙත් විභාග මධ්‍යස්ථානයෙන් පිටතට පැමිණි පසු  දෙමව්පියන් අසලට ගොස් ඇති අවස්ථාවේදී  මාධ්‍ය ඉදිරියේ දරුවන් විවිධ ප්‍රකාශ කිරීමට පටන් ගෙන තිබේ. එයද ඉහත ගුරුවරයාගේ සැලැස්මට අනුව සිදුවූවක් බව පළාත් අධ්‍යාපන අමාත්‍යංශය සැක කරයි.

එම ගුරුවරයා අනවසරයෙන් විභාග මධ්‍යස්ථානයට ඇතුළුවීම සම්බන්ධව වෙනම පරීක්ෂණයක් පැවැත්වෙන අතර සිද්ධිය පිළිබදව ප්‍රකාශයක් ගැනීම සදහා ඔහු කලාප අධ්‍යාපන කාර්යාලයට කැදවා තිබූ නමුත් අද සවස් වනතෙක්ම නොපැමිණි බව ඉහත ආරංචි මාර්ග සදහන් කරයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.