විසල් පෝදා හඳ බලන්න අමතක කරන්න එපා…………

Super Moonවසර 68 කට පසු මෙවර පුර පසළොස්වක පොහොය දිනයේදී හඳ  14%ක ප්‍රමාණයකින් විශාලව දිස්වන අතර 30% ක ප්‍රමාණයකින් දීප්තිය වැඩි වී දැකගත හැකි බව ද ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය පවසයි. මීට පෙර සුපිරි සඳ දිස්වී ඇත්තේ 1948 වසරේදී වන අතර නැවතත් මෙවැනි සුපිරි හඳක් පෘථිවිවාසීන්ට දැකගත හැකි වන්නේ 2034 වසරේ නොවැම්බර් මස 25 වැනිදා ය.

 ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය පැවසුවේ චන්ද්‍රයා පෘථිවිය වටා ඉලිප්සාකාර ගමන් මාර්ගයක ගමන් කරන අතර එම ගමන් මාර්ගයේ පෘථිවියට ආසන්නයෙන් ගමන් කරන අවස්ථාවකදී එදින පුරපසළොස්වක පොහොය දිනයක් වුවහොත් මේ ආකාරයට චන්ද්‍රයා විශාලව දිස්වනු ඇති බව ය. එමෙන් ම මෙම අවස්ථාවේදී සූර්යයා පෘථිවිය සහ චන්ද්‍රයා යන ආකාශ වස්තූන් තුන ම එක ම රේඛාවක පිහිටයි.

ඒ අනුව ලබන 14 වන දා චන්ද්‍රයා පෘථිවියට ආසන්න වීම හේතුවෙන් උදම් රළ වැඩිවීමක් ද සිදුවිය හැකි බව ග්‍රහලෝකාගාරය සඳහන් කළේ ය. නවසීලත්යේ සුනාමිය වාර්තා වී ඇත්තේ මේ අතර වාරයේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.