විසි පන්දහසේ මහා රථ වාහන පාප කර්ම හ‍ය…………….

fine-against-vehicleරථ වාහන වැරදි 6ක් සඳහා දඩය රු.25,000ක් දක්වා වැඩිකිරීමට එකඟවූ බව පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

* බීමත්ව රිය පැදවීම,

*රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම

*රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීමට ඉඩ දීම

*,අනාරක්ෂිත ලෙස දුම්රිය හරස් මාර්ගවලින් ධාවනය කිරීම,

*රක්ෂණ ආවරණයක් නොමැතිවීම,

*අධික වේගය හා වමෙන් ඉස්සර කිරීම

මෙම වැරදි සඳහා මෙලෙස දඩය වැඩි කිරීම ගැටළුවක් නොවන බව විජේරත්න මහතා සඳහන් කළේය.

ඊයේ (21)ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා,මුදල් අමාත්‍ය රවී කරුණානායක ආදීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය සම්බන්ධයෙන් එකඟතාවක් ඇතිවුණු බව ඔහු පැවසීය/

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.