විසි පන්දාහේ දඩේ වාසිය ට්‍රැෆික් රාළහාමිටද?………..

traffic-policeඅල්ලස්‌ ලබාගෙන රථවාහන වැරදි කරන රියෑදුරන් බේරා යවන පොලිස්‌ නිලධාරීන් පිළිබඳව පැමිණිළි අඩු වුනත් සිදුවීම් බහුල බව ප්‍රසිද්ධ රහසකි. දඩ මුදල් වැඩි කිරීමෙන් පසුව වැරදි කරන රියෑදුරන් බේරා යවන ට්‍රැෆික් පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් කුමක් කළ යුතුද යන ප්‍රශ්නය මතු වී තිබේ.

මෙවැන්නන් අල්ලා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක්‌ මේ දිනවල සකස්‌ කරගෙන යන බව පොලිස්‌ රථවාහන අංශය භාර නියෝජ්‍ය පොලිස්‌පති පාලිත ප්‍රනාන්දු මහතා පවසයි. රථවාහන වැරදි සම්බන්ධයෙන් අයකරන දඩ මුදල් විශාල වශයෙන් ඉහළ දැමීමට රජය තීරණය කිරීමත් සමඟම අල්ලස්‌ ලබාගෙන රථවාහන වැරදි කරන රියෑදුරන් බේරා යෑවීමට ඇතැම් පොලිස්‌ නිලධාරීන් උත්සාහ කිරීමට වැඩි ඉඩක්‌ ඇතැයි නියෝජ්‍ය පොලිස්‌පතිවරයා කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් රථවාහන රාජකාරි කරන පොලිස්‌ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක්‌ මේ වන විට ආරම්භ කර ඇති බවත් රථවාහන රාජකාරියේ යෙදී සිටින පොලිස්‌ නිලධාරීන් අනපේක්‍ෂිත ආකාරයට පරික්‍ෂා කිරීමේ වැඩපිළිවෙළක්‌ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවත් නියෝජ්‍ය පොලිස්‌පතිවරයා පවසයි. කැමරාවකට සුදානම්ද? රථවාහන වැරදි 7 ක්‌ සම්බන්ධයෙන් දඩ මුදල් විශාල ලෙස ඉහළ දැමීම නිසා විනීත රියෑදුරන් බිහිවනු ඇති බවත් රථවාහන අනතුරු ඉදිරියේදී විශාල වශයෙන් අඩු වනු ඇති බවත් රථවාහන අංශය භාර නියෝජ්‍ය පොලිස්‌පති පාලිත ප්‍රනාන්දු මහතා පවසයි.

මේ සඳහා ඇති එක ක්‍රමයක් වන්නේ පොලිස් නිලධාරීන් ගේ ඇඳුමට කුඩා කැමරාවක් සවි කිරීමයි. එවිට සියල්ල පටිගත වී විනීත පොළිස් නිලධාරීන් පිරිසක් බිභිවෙනු ඇත. එහෙත් මෙවැනි අභියෝගයක්භා ර ගැනීමට ශ්‍රී ලංකාවේ පොලීසිය සුදානම් ද යන්න ප්‍රශ්නයකි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.