විසි හතර පැය තුළ විදුලි සැර මරණ හතරයි

 

 

 

ගතවූ පැය 24ක කාලය තුළ විදුලි සැර වැදීමෙන් ගිංතොට හා වැලිමඩ ප්‍රදේශවලදී පුද්ගලයන් සිවුදෙනකු මියගියා.ගිංතොට ප්‍රදේශයේදී අධිබලැති විදුලි රැහැනක් කඩාවැටීමෙන් යුද හමුදා සෙබළුන් තුන්දෙනකු මියගියා.අම්බලන්ගොඩ ප්‍රදේශයේ රියැදුරු පුහුණුව ලබාදෙන වෑන් රථයක ගමන් කරමින් සිටියදී අධිබලැති විදුලි රැහැන කඩාවැටී ඇත.

අනතුරින් තවත් පුද්ගලයන් 4 දෙනකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, මියගොස් ඇත්තේ බූස්ස යුද හමුදා කඳවුරේ සෙබළුන් තුන් දෙනෙක්.තුවාල ලැබූවන් අතර යුද හමුදා සෙබළුන් තුන්දෙනකු හා වෑන් රථයේ රියැදුරාද වන බවයි පොලීසිය පැවසුවේ.මේ අතර ඌව පරණගම බ්‍රවුන් සයිඞ් වත්තේ පදිංචි 47 හැවිරිදි කාන්තාවක්ද විදුලි සැර වැදීමෙන් මියගියා.ඇය දර කැඩීම සදහා ගොස් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇති බවයි  වාර්තාවන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.