වෛද්‍ය ශිෂ්‍යයාගේ මරණය තවමත් රහසක්…

Dead body in a mortuaryකොළඹ විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ සිසුවෙකුගේ මල සිරුරක් නොරිස් කැනල් පාරේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ තිබී පොලිසිය අද (11) සවස සොයා ගත්තේය.

ඔහු ( 27 ) හැවිරිදි ශිෂයෙකි. ගම බිබිල ප්‍රදේශයේය. මේ ශිෂ්‍යයාගේ මරණය තවමත් නොවිසදී ඇත. ඔහු සිය මවට ලියූ ලිපියක් ඇති බවත්, සිරුර අසල එන්නත් කටු කිහිපයක් තිබී හමුවූ බවත්, ඔහු යම්කිසි විෂක් ශරීර ගත කරගෙන ඇත්දැයි සැක සිතෙන බවත් පොලිසිය කියයි.

මෙම සිසුවා වෛද්‍ය විද්‍යාලයේ අවසන් වසර විභාගය දෙවරක්ම අසමත්ව ඇතැයි පැවසේ. ඔහුගේ සමකාලීන සගයන් මේ වනවිට සීමාවාසික කාලය පසුකර වෛද්‍යවරුන් සේ කටයුතු කරමින් සිටින බව කියැවේ. කෙසේ වෙතත් හෙට දහවල් වනවිට සිදුකෙරන අධිකරණ පරීක්ෂණයන්ට අනුව මේ මරණය පිළිබද නිශ්ඡිත විස්තර හෙළි වනු ඇත.

සබැඳි පුවත්

4 thoughts on “වෛද්‍ය ශිෂ්‍යයාගේ මරණය තවමත් රහසක්…

  • September 12, 2016 at 11:19 am
    Permalink

    දෙමවුපියන් පව්. කොච්චර බලාපොරොත්තු තියන් ඉන්න ඇද්ද.

    Reply
  • September 12, 2016 at 12:25 pm
    Permalink

    අපරාදෙ වටිනා ජීවිතයක්. මානසික ප්‍රශ්නයක් තිබුණනම් බෙහෙත් ගන්න තිබුනානේ.

    Reply
  • September 12, 2016 at 12:26 pm
    Permalink

    ada kale lamainge dara genime shakthiya nam binduwai…………………..

    Reply
  • September 12, 2016 at 12:27 pm
    Permalink

    ඉපිද මැරේ යලි ඉපදේ නොතිර සසර සාගරේ………….

    Reply

Leave a Reply

Your email address will not be published.