ශරීරසුවතා රැගෙන ගිය පොලිස් සුනඛයා ලොරියකට යටවී මරුට……….

police-dogදිනසේන රතුගමගේ
වවුනියාව ඊරට්පෙරියකුලම පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සුනඛයා 7 දා උදෑසන ලොරියකට යට වී මියගොස් තිබේ. උදෑසන ශරීරසුවතා කටයුතු සදහා පොලිස් සුනඛයා බාර නිලධාරියා සමග මහමග ගමන් කරමින් සිටියදී පොලිස් සුනඛයා ලොරියකට යට වී මියගොස් තිබේ.

මියයන විට එම සුනඛයා වසර දෙකක් වයසැති බව පොලීසිය පවසයි. පොලිස් නිල සුනඛයා ආරක්ෂා කර ගැනීමට අපොහොසත් වීම නිසා පොලිස් සුනඛයා බාර පොලිස් නිලධාරියාට එරෙහිව පරීක්ෂ ණයක් පැවැත්වීමට වවුනියාව පොලීසියේ ජේ‍ෂ්ඨ නිලධාරීන් පියවර ගෙන තිබේ.

යම් හෙයකින් ඔහු වැරදිකරුවකු වුවහොත් ඔහුගේ රාජකරිය අත්හිටුවීමටත් පොලිස් සුනඛයාගේ වටිනකම ඔහුගෙන් අයකර ගැනීමටත් සිදුවන බව වවුනියාව පොලීසියේ නිලධාරියෙකු පැවසීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.