ශ්‍රී ලංකාවට ඉන්ටර්පෝල් දඩ වදීද?……………..

interpolතමන් ජාත්‍යන්තර පොලීසියේ වරෙන්තුවකින් අත් අඩංගුවට ගැනීමට නියෝග කිරීමට එරෙහිව ලංකා ඊ නිව්ස් කතුවරයා දැඩි ප්‍රතිචාරයක් දක්වා ඇත. ශ්‍රී ලංකාවේ අධිකරණය, අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ සහ තවත් කිහිප දෙනෙකුගේ වුවමනාව මත නීති විරෝධී සහ ක්‍රම විරෝධී නඩු තීන්දු ලබා දෙන බයි ඔහු කියා සිටින්නේ.

රතු වරෙන්තුවක් නිකුත් කොට ඇතත්  එම රතු වරෙන්තුව ජාත්‍යන්තර පොලීසියේ (Interpol) සහායෙන් ක්‍රියාත්මක කරවා ගත හැකිද යන ප්‍රශ්නය මතුවී තිබෙන අතර එසේ කර ගැනීමට නොහැකි වුවහොත් අධිකරණයේ ගරුත්වයට  හානි සිදුවීමට ඉඩ තිබේ.මේ තත්වය යටතේ විජේදාස රාජපක්ෂ ඇමතිවරයා හට දැඩි අභියෝගයකට මුහුණ දීමට සිදුවනු ඇත. ලංකාවේ අධිකරණ ක්‍රියාවලියම විහිළුවකට ලක් කෙරෙන කවින්ද්‍රා නානායක්කාර නමැති මහේස්ත්‍රාත්වරියගේ නඩු ඇහිල්ල නීති විරෝධී සහ ක්‍රම විරෝධී  බව සඳරුවන් කියා සිටින අතර මේ පිළිබඳව වෙනම පැමිණිල්ලක් ඉදිරිපත් වීමට ඉඩ ඇත.

“අලි හොරකමක් සම්බන්ධයෙන් සැක කෙරෙන මහේස්ත්‍රාත්  තිලින ගමගේ සම්බන්ධ නඩුවේදී නීතිපතිවරයා තිලින ගමගේට එරෙහිව ගත් ක්‍රියාමාර්ග විවේචනය කරමින් ඇය විසින් ඇයගේ මුහුණු පොතේ සටහන් යොදා තිබිණ. විනිසුරුවරියක ලෙස ඇය කර ඇත්තේ බරපතල වරදක් බව ලංකා ඊ නිව්ස් විසින් පෙන්වාදී තිබුනි” යැයි සඳරුවන් සේනාධීර පවසයි. මෙසේ සමාජ මාධ්‍ය භාවිතා කරන   කවින්ද්‍රා නානායක්කාර මහේස්ත්‍රත් වරිය විජේදාස රාජපක්ෂ ගේ කොන්ත්‍රාත්තුවක් ඉටු කරමින් සිටින බව සඳරුවන් සේනාධීර තර්ක කරයි

‘ඇයගේ මුහුණු පොතේ ඇය විසින් ඇයගේ විවිධ ඉරියව් වල පින්තූර පල කරමින් ඒවාට කොමෙන්ටු දමන අයට හායි, හූයි,  තැන්ක් යූ, ෆ්‍රොෆෙෂනල් කියුටි ආදී බහු බූත අදහස් පළ කිරීම විනිසුරු වරියකට නොව‘විනිසුරු බඩුවකට‘ ගැලපෙන ක්‍රියා යැයි ලංකා ඊ නිව්ස් ඇයව විවේචනය කර තිබිණ. විනිසුරු ධූරය අවමානයට පත් කරන ඇයගේ ක්‍රියා පිලිවෙත ගැන ලංකා ඊ නිව්ස් ප්‍රවෘත්ති මගින් අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කරද සිටියේ ය. එබැවින් කවින්ද්‍රා ලංකා ඊ නිව්ස් කෙරෙහි සිටියේ වෛරයකින් බව සේනාධීර කියා සිටී.

 තමන්ගේ නඩුව

තමන්ගේ නඩුව තමන්ම ඇසීම සිදු නොකළ යුත්තක්  යන සිද්ධාන්තය බිඳ වැටී ඇති බවක්ද පෙනෙන්නට තිබේ. රටේ අධිකරණ ඇමැතිවරයා පළමුවෙන් පාර්ලිමේන්තුවේ වහසි බස් දොඩා පසුව හෙංචයියන් විසින් එය ක්‍රියාත්මක කරන අධිකරණ ක්‍රියාවලියක් කිසිසේත්ම ස්වාධීන අධිකරණයක්ද නොවේ. එවැනි තත්ත්වයක් අනුව ප්‍රංශයේ පිහිටා ඇති ඉන්ටර්පොල් ආයතනය මෙවැනි අධිකරණ වලින් දේශපාලන වුවමනාවන් මත නිකුත් කරන ව්‍යාජ වරෙන්තු වලට ප්‍රතිචාර දක්වන්නේ නැත. ඔවුන්ද ස්වාධීන සොයා බැලීමක් සිදුකරන අතර එහිදී මෙම වරෙන්තුව ව්‍යාජ වරෙන්තුවක් බවට ඔප්පු වුවහොත් ශ්‍රී ලංකාවේ රජයට විශාල වන්දි මුදලක් ගෙවීමට ද සිදුවනු ඇති බව සේනාධීර පෙන්වා දෙයි.

විශේෂයෙන් දේශපාලන රැකවරන මත සිටිනා මාධ්‍යවේදියෙකුට රැකවරණ ඉල්ලීමට හේතු කාරණා වූ රටෙන් නිකුත්  කරන වරෙන්තු සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත්  නොකරන බව සේනාධීර පෙන්වා දෙයි. මේ සියල්ලේ දේශපාලන යථාර්ථය නම් විජේදාස රාජපක්ෂ හට හුදෙකලාව දැඩි සටනක් දීමට සිදුවෙන බවයි. එහෙත් දේශපාලනය තුළ කළ නොහැක්කක් නොමැත. එහෙයින් බලා හිඳිමු විචාරශීලී මනසින්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.