ශ්‍රී ලංකා වේ ජාතික වාදීන්ට අගනා සටන් පාඨයක් – සිනමා ශාලාවට ජාතික ගීය…………..

racistඉන්දියාවේ සිනමා ශාලා තුළ චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමට පෙර ජාතික ගීය වාදනය කළ යුතු බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබේ. මෙම තීරණය දින 10ක් තුළ ක්‍රියාත්මක කිරීම ඇරඹිය යුතු බවත්, එලෙස ජාතික ගීය වාදනය කරන අවස්ථාවේදී චිත්‍රපට ශාලාවේ සිටි පිරිස් අසුන්වලින් නැගිට ඊට ආචාර කළ යුතු බවත් විනිසුරුවන් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පවසා තිබේ.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පවසා සිටියේ ඉදිරියේදී රටේ සියලු සිනමා ශාලා තුළ මෙය ක්‍රියාත්මක විය යුතු බවය. එමෙන්ම, ජාතික ගීය වාදනය වන අවස්ථාවේදී තිරයේ ඉන්දීය ධජය ප්‍රදර්ශනය කළ යුතු බවද ඔවුහු වැඩිදුරටත් පැවසූහ. 1960 සහ 1970 දශකවලදී ඉන්දියාවේ සිනමා ශාලාවල මේ ආකාරයෙන් ජාතික ගීය වාදනය කිරීමක් සිදුවුවත්, මෙම සිරිත ක්‍රමයෙන් පිරිහී ගොස් තිබුණි.

ප්‍රේක්ෂකයින් සමගි පෙරමුණු ආණ්ඩුවට විරෝධය පළ කිරීමේ මාධ්‍යයක් ලෙස එක දිගට හු කීමේ ප්‍රතිපලයක් ලෙසින් මේ සිරිත අත් හැරීමට සිදු විය. බොහෝ ශිෂ්ට සම්පන්න මිනිස්සු ජාතික ගීයට ගරු කරති.තත්වය එසේ තිබියදී මේ සඳහා නීතිය භාවිතා කළ යුතු ද යන ප්‍රශ්නය මතු වේ.

මේ ආතර වාරයේ ඇමරිකානු ජාතික කොඩියට නිගරු වන අන්දමින් හැසිරෙන පිරිස් වලට සිර දඬුවම් ලබා දීමට කටයුතු කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.