ශ්‍රී ලංකාව සමග ඇත්තේ රාජ්‍ය තාන්ත්‍රික භාවයට එහා ගිය මිත්‍රත්වයක් – නරේන්ද්‍ර මෝදී

narendra-modiඉන්දීය ධිවරයින් ශ්‍රී ලංකා මුහුදු තිරයට පැමිණ අනවසරයෙන් මසුන් මැරීම නිසා සිදුවන ගැටළු සම්බන්ධයෙන් තිරසාර විසදුමක් ලබා ගැනීම සඳහා දෙරටේ විදේශ කටයුතු හා ධිවර ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන්  සමුළුවක් ඉන්දියාවේදී පැවැත්වීමට ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදී අතර එකගතාවයක් ඇතිවී තිබේ. නවදිල්ලි නගරයේ හයිද්‍රාබාද් මන්දිරයේදී දිවා  භෝජනයට අනතුරුව කතා කල නරේන්ද්‍ර මෝදී කියා සිටියේ ශ්‍රී ලංකාව ඇතර ඇත්තේ රාජ්‍ය තාන්ත්‍රික භාවයට එහා ගිය අති විශේෂ මිත්‍රත්වයක් බවයි. දෙරටේ රාජ්‍ය නායකයින් අතර පවතින මිත්‍ර සම්බන්ධතාවය නිසා දෙරටටම වැදගත් ආර්ථික, ආරක්ෂක. නීතිය හා සාමය, වෙළඳ ආදී ක්ෂේත්‍ර ගණනාවකම ක්‍රියාමාර්ග ගත හැකි බවයි ඉන්දීය අගමැතිවරයා පෙන්වා දුන්නේ. ඉන්දීය සාගර කලාපය නිදහස් නාවුක ගමනාගමනය සුරක්ෂිත කෙරෙන සාමකාමී කලාපයක් ලෙස පවත්වාගන යාමට දෙරටේම  අගමැතිවරු කැපවී සිටින බවත් සාකච්ජාව අවසානයේදී  ඉන්දීය අගමැතිවරයා මාධ්‍ය වේදීන්ට කියා සිටියේය.  මේ අතර වාරයේ ලබන වසරේ මැයි මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උත්සවය වෙනුවෙන් එහි ප්‍රදාන ආරාධිතයා ලෙස ඉන්දීය අගමැතිවරයාට තමන් ආරාධනය කල බව වික්‍රමසිංහ මහතා කියා සිටියේය. මේ සම්බන්ධයෙන් ඉක්මන් ප්‍රතිචාරයක්  ලබා දෙන බව නරේන්ද්‍ර මෝදී මහතා පැවසිය. ඉන්දීය විදේශ ඇමතිනි ශුෂ්මා ස්වරාජ් කියා සිටියේ රනිල් වික්‍රමසිංහ බලය ඇති විටත් බලය නැති විටත් පුද්ගලික මට්ටමේ සම්බන්ධකම්  පවත්වාගෙන යන දේශපාලඥයෙක් බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.